තම ගන්නෝරුවේ පිහිටි කාර්යාලයට පහරදීමට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
මතවාදී වශයෙන් තමන්ට එල්ලවන අභියෝග බාහු බලයෙන් මැඩ පැවැත්වීමට ජවිපෙ උත්සාහ කරන බවද ඒ මහතා කීවේ එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ජවිපෙ ක්‍රියාකාරීන් බවයි.
නමුත් ජනනා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මෙම පහරදීමට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජවිපෙ ගැහුවා- පුබුදු : අපේ සම්බන්ධයක් නෑ - විජිත
දුමින්ද Wednesday, 15 April 2015 04:11 AM
ඉතිහාසය යනු අනාගතයේ දොරටුව බව පෙනේ (නි)
ස්ටැන්ලි Tuesday, 14 April 2015 10:11 AM
කතාකළොත් නම් මේ දෙගොල්ලටම වඩා සිල්වත් අය නැතිතරම්. නමුත් මෙන්න වැඩ! (නි)
සුමුදු හේවා Wednesday, 15 April 2015 04:29 AM
දැන් හැමෝම එකපතේ කද්දී අපිට මොනවද නොහිතෙන්නේ? අනේ අපිට නම් මේ දෙගොල්ලන්ගේ අරගල වලට මැදිවෙන්න ඕනෑ නැහැ නැහැමයි! (නි)
රණවක Tuesday, 14 April 2015 11:54 AM
කොහොමත් අපේ අය ගහගන්න, ගිනිතියන්න ,මිනීමරන්න ,බොරු කියන්න,කුමන්ත්‍රණ කරන්න හොඳට දන්නවා. (නි)
රේණු Wednesday, 15 April 2015 05:27 AM
අනේ ජේවීපි එක නම් කවදාවත් එහෙම කරනේ නැහැ. එයාලා ගොඩක් සිල්වත් උදවිය ඉතිහාසය පුරාවටම (නි)
සුමුදු හේවා Thursday, 16 April 2015 04:13 AM
එකනේ රේණු ප්‍රේමකීර්ති සහ සාගරිකා ගෝමස් කලාකරුවන් නැතිවුණේ අහිංසක ජේවීපී නිසා නෙවෙයි වෙන්න ඇති නේද? (බ)
අතුල Wednesday, 15 April 2015 05:37 AM
ජවිපෙ කවදාද තමන්ගේ වැඩ තමන් කළා කියන්නේ? (නි)
සුමුදුහේවා Thursday, 16 April 2015 06:06 AM
අනේ මන් කිව්වේ එදා දෙපිල බෙදිලා අපිව පීඩාවට පත් කළ දෙගොල්ලොයි එයාලගේ 17 අවුරුදු සාපයෙන් අපිව බේරාගන්නවයි කියලා එදා බලේට ආපු අයයි යන දෙතුන්ගොල්ලන්ගේ එකපතේ කන කෑම ගැනයි. (නදී)
කරුණාදාස Tuesday, 14 April 2015 03:03 PM
කොහොමත් අන්තිමට ගහපු කෙනෙක් හොයාගන්න නම් බැරිවෙයි (නි)
ශාන් Tuesday, 14 April 2015 03:22 PM
අනේ මන්දා??අපි ඉස්සර හිතුවේ එජාපය තමයි පිස්සු නටන්නේ කියලා.ඒත් දැන්නම් මේ සියල්ලටම වඩා එජාපය හොඳයි කියලයි මට හැඟෙන්නේ. (නි)
යෝනක Tuesday, 14 April 2015 02:19 AM
කවුද මෙයාලට ගහන්න ඉන්නේ? (නි)
ඇසළ Tuesday, 14 April 2015 03:05 AM
අපිට ගැහුවා, අපිත් ගැහුවා... එහෙනම් ගහගන්නකෝ ඇතිවෙනකල්. (නි)
ප්‍රකාශ් Wednesday, 15 April 2015 10:50 AM
මේ සියලු දෙනාටම රටේ වටිනාකම ගැන වැඩක් නැහැ. (නි)
යෝනක Tuesday, 14 April 2015 03:10 AM
මොනවද අප්පේ මේ අලුත් අවුරුද්දේ රණ්ඩු? (නි)
රාමන් Tuesday, 14 April 2015 04:01 AM
ඔය කවුරු කවුරු ගැනත් අපි හොඳට දන්නවා (නි)
ප්‍රසන්න Tuesday, 14 April 2015 04:01 AM
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
ශාන් Tuesday, 14 April 2015 04:30 AM
මම නම් මේක කාගේ වැඩක්ද කියලා නිකමට වගේ හිතාගන්න පුලුවන් (නි)
සුමුදු හේවා Tuesday, 14 April 2015 04:47 AM
දෙගොල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක්! ගහගත්තත් නැතත් දෙගොල්ලොම එකතුවෙලා ගහන්නේ නම් අපේ රටටයි අපේ ජාතිකත්වයටයි තමයි. (නි)
සිරිමල් Tuesday, 14 April 2015 05:03 AM
මොකටද ගහගෙන විතරක් නැවැත්තුවේ. තොපිට ඔක්කොම මරාගන්නනේ තිබුනේ. (බ)
ප්‍රකාශ් Thursday, 16 April 2015 11:14 AM
ඌ මට ගහනවා .මට ඌ ගහනවා.දෙගොල්ලම එකයි.(බ)
අබේරත්න-ටෝකියෝ Tuesday, 14 April 2015 06:22 AM
ලංකාවේ දේශපාලකයෝ හැමෝම එකයි බලනකොට (නි)
රේණුකා Thursday, 16 April 2015 11:21 AM
රක්ෂාවක් හොයා ගෙන කීයක් හරි හම්බ කර ගත්තානම් හොඳයි නේද? (බ)
ශාන් Tuesday, 14 April 2015 06:39 AM
අවුරුද්දට කලින්ම වැඩ අල්ලලා වගේ ....(බ)
ශෂී Tuesday, 14 April 2015 06:48 AM
ජේවීපී සහ යූඑන්පී කොහොමත් කලබල ඇති කරල පුරුදු කට්ටිය (බ)
විජයබාහු Tuesday, 14 April 2015 07:36 AM
පොඩි බලයක් තියෙනකොට මෙහෙම නම් ලොකු බලයක් ලැබුනොත් කොහොම තියෙයිද (බ)
සුමුදු හේවා Wednesday, 15 April 2015 03:20 AM
ශාන්, ඔයා බටලන්ද වගේ තැන් ගැන අහලා නැති ෆේස්බුක් දරුවෙක් වෙන්න ඇති කියලා මට ඔයාගේ අදහස දැක්කහම හිතුණා. (නි)
මුණසිංහ Wednesday, 15 April 2015 03:37 AM
ජවිපෙට යළිත් ඔය මඟ තෝරාගන්න වෙන බව කවුරුත් දන්නවා. ඔය කෑගැහිලි ඊළඟ ඡන්දයක් එනතුරු විතරයි. (නි)