IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජවිපෙ කියුබා සහයට එයි

ඇමරිකාව කියුබාවට පනවා තිබෙන සියලු ආර්ථික හා දේශපාලන සම්බාධක වහාම ඉවත් කර ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට කියුබාවට ඉඩ සළසා දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් පිරිසක් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට අද (16) පෙරවරුවේ ලිපියක් භාර දුන්හ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති,වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ යන මහත්වරු ඊට එක්ව සිටියහ.

කියුබාවට එරෙහිව පනවා තිබූ සියලු සම්බාධක ඉවත් කළ බව ඇමරිකාව පැවසුවත් එවැන්නක් කර නොමැති බව එම ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

IMG_0453 IMG_0461 SIMG_151016 1 12



අදහස් (0)

ජවිපෙ කියුබා සහයට එයි

පරාක්‍රම Friday, 16 October 2015 01:39 PM

මේ ටික දෙනෙකුගේ වැඩ හරිද ..? ඊළඟ මහා මැතිවරණයේදී මීට වැඩි බලයක් ලබා දුන්නොත් ඇමරිකාව දණගස්සන්න වුණත් පුළුවන් හොඳේ. (නි)

:       0       0

තිළිණ Saturday, 17 October 2015 01:47 AM

ජවිපෙට ජයවේවා! (නි)

:       0       0

සමන් Friday, 16 October 2015 02:11 PM

අගය කලයුතුයි. තමන් පීඩිතයන් වෙනුවෙන් කරන කැපකිරීම ශ්‍රී ලංකාව තුල පමණක් නොව මුළු ලෝකය වෙනුවෙන්ම ඇති බව.(ර)

:       0       0

රාජා Saturday, 17 October 2015 02:22 AM

කියුබාවෙන් සහය ඉල්ලුවාද? නැත්නම් ඔයාලාම දෙනවාද? කාලෙකින් අහපු හොඳම විහිළුව. (නි)

:       0       0

සිරිසේන Saturday, 17 October 2015 02:26 AM

අයියෝ ! ඇමෙරිකාවට කියන්න ගොවියාගේ වී ටික ගබඩා කරන්න ගබඩා ටිකක් හදාගන්න උදව් කරන්න කියලා. (නි)

:       0       0

රොෂාන් Saturday, 17 October 2015 03:04 PM

තමන්ගේ නායකයාගේ පවුල ගැන බලපු නැති අය දැන් එනවා කොහෙවත් තියෙන කියුබාවේ ප්‍රශ්න කතා කරන්න. නිකන්ද මෙයාලව එපා කියලා මිනිස්සු ගෙදර යැවුවේ? (නි)

:       0       0

රෝහණ Saturday, 17 October 2015 03:03 AM

දැන් ඇමෙරිකාව බයවෙයි මේගොල්ලන්ට. මේ ගොල්ලෝ මේ කරන්නේ කැපීපෙනෙන්න යමක් කරන එක. (නි)

:       0       0

අමල් Friday, 16 October 2015 03:16 PM

මේක අහයිද දැන්.? (ර)

:       0       0

සදරුවන් Friday, 16 October 2015 03:22 PM

කාට උනත් සහය දෙන එකනම් හොදයි. එත්... (ර)

:       0       0

පෙරුමාල් Friday, 16 October 2015 04:17 PM

කියුබාවෙ ජනාධිපතිවරණයක් වුණත් ජවිපෙට දිනන්න බැරිවෙන එකක් නැහැ (නි)

:       0       0

ශාන සෞදි Saturday, 17 October 2015 05:48 AM

තමන්ගේ ඇසෙ තියන මෝල්ගහ අයින් කරගන් නැතිව අනුන්ගේ ඇස්වල තියන ඉදිකටු අයින් කරන්න යනවා. (ර)

:       0       0

ඩෙස්මන් Friday, 16 October 2015 05:03 PM

දැන් ඇමරිකාවට මොනවා හිතිලා ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සපුමල් Friday, 16 October 2015 05:17 PM

තමන්ගේ රටට විරුද්ධව ජිනීවා වලට ඇමරිකාව යෝජනා ගෙනෙනකොට ,මේගොල්ලෝ ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහට ගියේවත් නැහැ. (නි)

:       0       0

සුලාරි Saturday, 17 October 2015 06:17 AM

වසන්ජ ඔබ හරි. (ර)

:       0       0

කරු පෙරේරා Friday, 16 October 2015 05:42 PM

ඇමරිකාවට හීන් දාඩිය දාන්න ඇති. (නි)

:       0       0

නිලන්ත Saturday, 17 October 2015 06:45 AM

මේ අය‍ට ලංකාවේ ප්‍රශ්න පෙන්නේ නැහැ. වෙන රටවල ප්‍රශ්න විසදන්නේ ඒ නිසානේ. මොකද එච්චර ආදරේ කිව්බාවට? (ර)

:       0       0

සෙබා Saturday, 17 October 2015 06:57 AM

අනේ ඔව්.... ජවිපෙ නැත්තම් කියුබාවට යන එන මන් නැතිව යයි. (ර)

:       0       0

සමන් ඔබෙවර්ණ Saturday, 17 October 2015 07:47 AM

ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වලට ඉඩ පාද ගත්තෙ කියුබාවෙ හිටපු පාලකයො. (ර)

:       0       0

සුරංග Friday, 16 October 2015 11:15 AM

හුරේ !. අපේ රටේ සියලු ප්‍රශ්න ඉවර නිසා දැන් කියුබාව දෙසට අපගේ අවධානය යොමු වී ඇත. (ර)

:       0       0

සරසි Friday, 16 October 2015 11:20 AM

අපේ රටේ ප්‍රශ්න නැද්ද දැන්. (ර)

:       0       0

වසන්ජය Friday, 16 October 2015 09:49 PM

ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කියන්නේ ඕවට තමයි (නි)

:       0       0

රත්නසිරි Friday, 16 October 2015 10:54 PM

අම්මපා! අපේ රටේ තිබෙන ප්‍රශ්න ගැන කතාකරන්න කට නැහැනේ (නි)

:       0       0

නිශේන්ද්‍ර Friday, 16 October 2015 11:51 AM

ෂා නියමයිනේ! (නි)

:       0       0

ලුම්බිණි Saturday, 17 October 2015 12:14 AM

ඉස්සර නම් කිව්වේ 'කියුබාවේ වෙච්ච දෙයක් - ලංකාවෙත් වෙන්න බැරිද', 'සිරිමාවොට අපි කියන්නේ - කස්ත්‍රෝ වගේ කෙළින් ඉන්න' වගේ දේවල්. (නි)

:       0       0

ශානක Saturday, 17 October 2015 12:24 AM

දැන් ඇමරිකාව බයවෙයි හොඳටම. ලංකාවේ මීටවඩා ප්‍රශ්න තියෙනවා (නි)

:       0       0

ගාමිණී Friday, 16 October 2015 12:03 PM

ඔබාමටම දෙන්න තිබුනේ මේ ලියුම. අනිත් රටවල් ගැනත් ලියන්න කරුණාකරලා. මොකෝ ඔයාලා කියෙන දේ කරන්න බලාගෙන ඉන්නේ ඇමෙරිකාවේ කට්ටිය... (ර)

:       0       0

නයෝමි Saturday, 17 October 2015 09:34 AM

කරන්න වැඩක් නැති උදවිය. මෙන්න කියලා ඇමෙරිකාව එයාලා කියන දේ අහයි (නි)

:       0       0

දිනේෂ් Saturday, 17 October 2015 01:34 AM

සහෝදරයන්ට ලංකාවේ මන්ත්‍රීකම් නැතිවෙනකොට කියුබාව පැත්තෙවත් ගිහින් මන්ත්‍රීකමකට ට්‍රයි කරන්න හිතුනාවද්ද? (නි)

:       0       0

දිනුක Friday, 16 October 2015 12:29 PM

දැන් ‘පට ගාලා‘ ඇමෙරිකාව කරයි මේක. (නි)

:       0       0

දසුන් Saturday, 17 October 2015 01:43 AM

මේ ගොල්ලො කියන දේ කවුරුවත් අහන්නේ නැති නිසා ඔබාමාටවත් පාඩමක් උගන්වන්න හිතුනාද. (නි)

:       0       0

රෝහණ Saturday, 17 October 2015 09:59 AM

සුනිල් සහෝදරයට පිස්සුද අනුර සහොදරය නැතිවෙලාවේ කරන්නේ. ඔය වැඩකට වැඩ් දෙවල් කරන්නේ නැතිව අපේ අනුර සහෝදරයව කියුබාවේ උපදේශකව කළානම් ඔමාමා සහොදරයා එක පෑන් පාරෙන් ඕක කරලා දාවි. (බ)

:       0       0

සේරම් පැරිස් Friday, 16 October 2015 12:46 PM

අපේ ජනතා විමුක්ති පෙරමුණ කියපු ගමන් ඇමරිකාව බයවෙලා කියුබාවට ඔක්කොම දෙයි දැන්. අලුත් පාප් වහන්සේගේ කළ මෙහෙයන් වලට පින්සිදු වන්නට ඇමරිකාව සහ කියුබාව මිතුරන් වුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site