ලෝක ප‍්‍රසිද්ධ "ස්ටාර් ටේරක්" චිත‍්‍රපටයේ නළුවෙකු වන ඇන්ටන් යෙල්චින් හදිසි අනතුරකින් පසුගියදා මරණයට පත්විය. ඉතාම ජනප‍්‍රිය තරුණ නළුවෙකු වූ යෙල්චින් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 27 කි. පොලිස් පරික්ෂණවලින් හෙළිවී ඇති අන්දමට ඔහුගේම මෝටර් රථය පසුපසට ධාවනය වී ඔහුව බිත්තියකට සිර වී මේ මරණය සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඔහු මියගිය බව ඔහුගේ මිතුරන් විසින් දැනගෙන ඇත්තේද ඔහු පුහුණුවීම් කටයුතුවලට සහභාගී නොවීම නිසා බව සඳහන් වෙයි. උපතින් රුසියානුවෙක් වන ඇන්ටන් යෙල්චින් හොලිවුඩ් නළුවෙකු ලෙස සාර්ථකත්වයට පත්වීමත් සමග ඇමරිකාවේ පදිංචි විය. "ස්ටාර් ටේරක්" චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය මාලාවට අමතරව "ටර්මිනේටර් සැල්වේෂන්", "ලයික් කේ‍්‍රසි" සහ "ඇල්ෆා ඩෝග්" ආදී නිර්මාණ රාශියකට ඇන්ටන් යෙල්චින් සිය දායකත්වය ලබාදී තිබිණ.
අනූද
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජීවිතය සමුදුන් 'ස්ටාර් ට්‍රෙක්' නළු යෙල්චින්