IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජීවකයා, මහගේ ඉඩම නොදුන්නැයි ආච්චිට ගහලා

(දිලීප් ජයසේකර)

මහගේ ඉඩමක් නොදුන්නැයි උරණ වි 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා රාජකාරියට ගිය පොලිස් නිළධාරීන්ට ද බාධා කර සාපරාධී බහත්කාරය පෑ දොස්තර මුණුබුරෙක් තිස්සමහාරාම පොලිසිය විසින් පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව මුලික රෝහලේ බාහිර රෝගි අංශයේ කටයුතු කරන  වෛද්‍යවරයෙකි.

සැකකාර වෛද්‍යවරයා ඉඩම් ආරවුලක් මුල්කරගනිමින්  සිය 93 හැවිරිදි මිත්තණියට (දොස්තරගේ මවගේ මවට) පහරදී තුවාල සිදුකර තිබේ. එහිදි දොස්තර මුණුබුරාගෙන් පහර කෑ මිත්තණිය  තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව ප්‍රථිකාර සදහා දෙබරවැව මුලික රෝහලට ඇතුලත් වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද ලැමිණිල්ලට අනුව විමර්ෂණ කටයුතු සදහා තිස්සමහාරාම පොලිස් කණ්ඩායමක් සැකකාර වෛද්‍යවරයාගේ නිවසට ගොස් තිබේ.

එහිදි අදාල වෛද්‍යවරයා පැමිණිල්ල විමර්ෂණය කිරිමට ගිය පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පා තිබේ.

පොලිස් නිළධාරීන්ට දිගින් දිගටම පරුෂ වචනයෙන් බැන වැද බළහත්කාරය පෑම හා 93 හැවිරිදි මිත්තණියට පහරදිම යන චෝදනා මත සැකකාර වෛද්‍ය වරයා තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (6)

ජීවකයා, මහගේ ඉඩම නොදුන්නැයි ආච්චිට ගහලා

මහේෂ් Friday, 09 June 2023 01:38 PM

ගුණ, දහමින් තොර අධ්‍යයනයේ ප්‍රතිඵල තමයි මේ. මේ වෛද්‍යවරයාගේ දෙමව්පියෝ පරෙස්සමින් ඉන්න. ඔබතුමන්ලාට ඉදිරියේදී මහළු නිවාසයකට යන්න සූදානමින් ඉන්න. මානුෂීය ගුණ පළමුවෙන් උගන්නන්න දරුවන්ට පාසලින් නැත්නම් ගෙදරින්...

:       1       41

සුන්දරාFriday, 09 June 2023 05:41 PM

මහේෂ් ඔහෙත් පරෙස්සම් වෙන්න... මොකද සංගමේ කට්ටිය කඩුපොලු අරගෙන පිකටින් එකට බැස්සොත් කරන්න ඕනෑ දේ හිතාගන්න බැරිවේවි...!

:       0       0

de silva Friday, 09 June 2023 06:21 PM

ලංකාවේ ඉන්න දොස්තරලාගෙන් කොටසක් මාෆියා කාරයින් බව නොදන්නේ කවුද?

:       0       6

Bamunuarachchi Friday, 09 June 2023 07:13 PM

දොස්තරය වුණාට පහත් ගති නැතිවෙන්නේ නැහැ. තෙලෙන් බැද්දත් කොබෙයියා, කොබෙයියාම තමයි...

:       0       10

sanjeewa Friday, 09 June 2023 11:31 PM

දෙවිවරු වගේ දොස්තරලා හිටියේ ඉස්සර... දැන් ඉන්න දොස්තරලාගෙන් බහුතරයක් ඉන්නේ චැනල් කාක්කෝ... ශයිලොක්ලා...

:       0       1

Bamunuarachchi Sunday, 11 June 2023 05:31 PM

ඈ බොල, ආච්චිට, මුණුබුරාට කලින් තවත් අය ඉන්නවා. ඒ අම්මා, තාත්තා, මාමලා, නැන්දලා... දැන් ඔබට කොහොමත් මහ ගේ ලැබෙන්නේ නැහැ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site