රාමදාන් සමයේදී බලශක්ති කාර්යක්ෂමතාවය වර්ධනය කොට විදුලි සහ ජල පරිභෝජනය පහළ දැමීම සඳහා පොදු විදුලිබල සහ ජල සංස්ථාව (කරාමා) විසින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ.
මෙම වැඩසටහන් මාලාව ටාර්ෂීඞ් ව්‍යාපෘතියේ අරමුණු කරා ළඟා වීමට සංරක්ෂණ සහ බලශක්ති කාර්යක්ෂම දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් සිටින ක්‍රියාකාරකම්වලම තවත් එක් පියවරකි.
ටාර්ෂීඞ් ව්‍යාපෘතිය 2015 වසරේ නොවැම්බර් මාසය වන විට රටේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය සියයට 14 කින් සහ ජල පරිභෝජනය සියයට 17 කින් අඩු කරමින් සාර්ථකත්වයක් අත්පත් කරගත් අතර එහි අවසන් අරමුණ වනුයේ ඉදිරියේදී විදුලි පරිභෝජනය සියයට 20 කින් සහ ජල පරිභෝජනය සියයට 35 කින් අඩු කිරීමයි.
ඉහත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ රටේ සියලුම ප්‍රජාවන්ට ළඟාවීම සඳහා කරාමා ආයතනය පුළුල් ව්‍යාපෘතියක් දියත් කර ඇත. ඒ අනුව විදුලි සහ ජල සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ භාෂාවන්ගෙන් සකස් කරන ලද දැනුම්වත් කිරීමේ ස්ටිකර් මුස්ලිම් දේවස්ථානවල අළවා ඇත. එවැනිම වැඩසටහනක් මෝල් සංකීර්ණ තුළද ක්‍රියාත්මක වෙයි.
ලුලු හයිපර්මාර්කට් හි ක්‍රියාත්මක වන “ලෙස් ඊස් බ්ලෙස්” වැඩසටහන යටතේ විදුලි සහ ජල පරිභෝජනය පහත දමා ගැනීම සම්බන්ධයෙන් සාප්පු සවාරි පැමිණි පුද්ගලයන්ට අවබෝධයක් ලබාදීම සඳහා දැනුම්වත් කිරීමේ පණිවුඩ ප්‍රදර්ශනය කර ඇත.
කරාමා ආයතනය සමාජජාල ව්‍යාපෘතියක් සහ “රාමදාන් සංරක්ෂණ අභියෝගය” යනුවෙන් තරගයක්ද ආරම්භ කර ඇත. ඒ අනුව ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබාදෙන පුද්ගලයන් අතුරින් සෑම දිනකම ජයග්‍රාහකයන් දෙදෙනෙකු තෝරාගනු ලැබේ.
ඉන්ස්ටග්‍රෑම් #Tarsheed සහ ට්විටර් TarsheedQatar ඔස්සේ ජනතාවට මෙම තරගයට සහභාගි විය හැකිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජල සහ විදුලිය පරිභෝජනය අඩු කිරීමට කරාමා වෙතින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්