IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජල සම්පාදන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඇමති අනු කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඇමති අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් සුරක්ෂිත ජල පරිභෝජනය තහවුරු කිරීම සඳහා රට තුළ ඇති සියලු ජල මුලාශ්‍ර සංරක්ෂණය, එල්ලංගා පද්ධතිය සක්‍රීය කිරීම, ගංගා ද්‍රෝණි නිසි පරිදි අධ්‍යනය කර පෝෂණය කිරීම මෙන්ම, විවිධ භාවිතයන් සඳහා ජල පරිභෝජනය නියාමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබ ඇත.

එබැවින්, රටේ සියලුම ජල මූලාශ්‍ර පෝෂණය කර ආරක්ෂා කරමින් වර්තමාන හා අනාගත පරපුරට ජල සම්පත සුරක්ෂිතව පරිහරණය කිරීමට අවකාශය සලසන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. 

දැනට බලාත්මක ජාතික ජල සම්පත් ප්‍රංශත්තිය තවදුරටත් සංශෝධනය විය යුතු බව විවිධ පාර්ශ්ව විසින් ද පෙන්වා දී ඇත. ඒ අනුව අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, දැනට බලාත්මක ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර වත්මන් රජයේ ප්‍රතිපත්තිය හා අනුගත වන අයුරින් එකී ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස, පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක,බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි අමාත්‍ය අනු කමිටු සාමාජිකයෝයි.



අදහස් (1)

ජල සම්පාදන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඇමති අනු කමිටුවක්

Lalla Wednesday, 25 June 2025 06:14 PM

සීමා නැතිව නලලිං සෑදීම නවත්තන්න ඕන නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site