(යොහාන් භාසුර)
අධික වර්ෂාවත් සමඟ ජල විදුලිබලාගාර ආශිත ජලාශ පිරීයෑමේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (27) පැවසීය.
ජලවිදුලි බලාගාරවලින් ඊයේ (26) විදුලිය ගිගාවොට් පැය 15.66 ක් නිෂ්පාදන කළ බවත් එම ප්‍රමාණය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 41.91 ක් බවත් එම නිලධාරියා කීය.
ජල විදුලි බලාගාරවලින් මෙම මස 1 වැනිදා විදුලිය ගිගාවොට් පැය 8.16 ක් පමණක් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රතිශතය සියයට 20.40 ක් බවත් ඒ අනුව දින 25 තුළ ගිගාවොට් පැය 7.5 කින් ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.
ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමත් සමඟ තාප විදුලි සැපයුම පෙරේදා වන විට සියයට 25.19 ක් දක්වා පහත වැටී තිබූ බවත් එම ප්‍රමාණය ගිගාවොට් පැය 9.41 ක් බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම මස 1 වැනිදා වන විට තාප විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 25.17 ක්ව තිබූ බව කී එම නිලධාරියා එය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 62.92 ක් බව ද වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක්
රංබොඩ Monday, 27 May 2024 11:46 PM
අවුලක් නෑ. පායලා සති දෙකෙන් කියයි ජලය නෑ පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිල දී ගන්න වෙනවා කිවලා. එතකොට නෙ සාක්කු පිරෙන්නෙ.