IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක්

( සුජිත් හේවාජුලිගේ )

ජල පාරිභෝගිකයන්  ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික  ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේදී  ගෙවීම  පැහැර හැර ඇතැයි එම මණ්ඩලයේ සහකාර   සාමාන්‍යාධිකාරී  (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම හිඟ මුදල නිසා  මණ්ඩලය දැඩි මූල්‍ය දුෂ්කරතාවයන්ට  මුහුණදී සිටින අතර  සේවකයන්ට වැටුප් ගෙවීම පවා මේ නිසා ලොකු ගැටලූවක්වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව විසිහත් ලක්ෂයකට අධික ජල පාරිභෝගිකයන්ගෙන් 75,000 කට වැඩි පිරිසක් වසරකට  වැඩි කාලයක් තිස්සේ  ජල බිල්පත් ගෙවා නැතැයි  මණ්ඩලයට තොරතුරු අනාවරණයවී ඇත.

ජල බිල්පත්  ගෙවීම පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන්ගෙන් එම හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට  ජල සම්පත් මණ්ඩලය මේ දිනවල කටයුතු කරගෙන යන බව පැවසූ ඒකනායක වීරසිංහ මහතා මාස හයකට වඩා ජල බිල්පත නොගෙවා පැහැර හැර සිටින ජල පාරිභෝගිකයන්ට පළමු අදියර යටතේ  රතු  බිල්පත්  යැවීමට  කටයුතු කරන බවද සඳහන් කළේය.

එකවර බිල්පත් ගෙවීමට නොහැකි නම් මණ්ඩලය සමඟ සාකච්ඡා කර කොටස් වශයෙන් ගෙවීමටද අවස්ථාව සලසා ගත හැකි බව ඔහු පැවසුවේය. එවැනි  සහන ලබාදී තිබියදීත් හිඟ බිල්පත් දිගින් දිගටම  නොගෙවන්නේ නම් ඔවුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට  පියවර ගන්නා බව ජල සම්පත් මණ්ඩලය පවසයි.

මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ සංශෝධනය වී නැතැයි   පවසන එම මණ්ඩලය මේ තත්වය යටතේ මණ්ඩලයේ  සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම ඇතුළු කටයුතු පවත්වාගෙන යෑම ඉතා දුෂ්කරවී ඇතැයි  සඳහන් කරයි.



අදහස් (4)

ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක්

Bamunuarachchi Friday, 28 January 2022 05:20 PM

ඉතින් ඕක කියකියා ඉන්න දෙයක්ද? කපනවකෝ වතුර... අපි වෙලාවට ගෙවීම් කරනවා. ඒ නිසා නොගෙවන එකාගේ ගෙවල්වලට යන වතුර ලයින් ගැලෙව්වත් අපිට කමක් නැහැ...

:       8       14

C.K.LankaputhraSaturday, 29 January 2022 06:56 AM

පිස්සුද, ඒ ගොල්ලන්ගේ වතුර කැපුවොත් ඒකනායක මහත්තයා ගෙදර. ඒක නම් ෂුවර්. මේක එකරටක්, එක නීතියක් තියන රටක්නේ...

:       0       5

සත්‍ය ගවේෂී.Saturday, 29 January 2022 08:34 AM

ඔබතුමාට ඕනෑතරම් සල්ලි තිබුණාට, කොවිඩ් නිසා අසරණ වූ මිනිස්සුන්ට සහනයක් ලෙස ටිකටික ගෙවීමට දීමට තීරණය කිරීම හොඳ දෙයක්. අර ඔබතුමාලගේ දේශපාලන උදවිය පොලු තියලා තියෙන්නේ.. ඒ ගැන වගේ වගක් නැතුව වගේ නේද ඉන්නේ...

:       1       7

Eranga Friday, 28 January 2022 11:13 PM

නිකන් සාමාන්‍ය මිනිස්සුන්ට සහන දීලා නෙමෙයිනෙ ඔය.. රාජ්‍ය ආයතනවලටයි, පන්සල්, පල්ලිවලටයි, දේශපාළුවන්ටයි, ඔවුන්ගේ හෙන්චයියන්ගේ ගෙවල්වලටයි පිනට දීපුවා තමයි. මොකද නිකන් අහිංසක මිනිස්සුන්ට බිල ගෙවාගන්න බැරි වෙද්දී දාන සද්ද ලොක්කන් ඉස්සර නොදාන නිසා. සාකච්ඡා කරලා කොටස් විදියට ගෙවන්න පුළුවන් කියන ඒවා එතැනට ගියාම වෙන්නේ නැහැ... අපිට කරන්න දෙයක් නෑ උඩින් ඕඩර් දීලා තියෙන්නේ කපන්න කියලා.. ඒක නිසා මුළුගාණම ගෙවන්න කියන එක තමයි ඔය මණ්ඩලේ ඉන්න අයගේ උත්තරේ..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site