IMG-LOGO

ජොලී - බ්‍රැඩ් විවාහය දෙදරයි

2016-09-23-ent-05

 

බ්‍රැඩ් දරුවන්ගේ අයිතිය ඉල්ලා සිටියි
 

වසර දොළහක් පුරා පැවති හොලිවුඩ් විවාහයක් වූ ඇන්ජලීනා ජොලී - බ්‍රැඩ් පිට් ආදරය බිඳ වැටෙන පුවතක් හොලිවුඩයෙන් වාර්තා වී තිබේ. ඒ හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී, සිය ස්වාමියා වූ බ්‍රැඩ් පිට්ගෙන් දික්කසාදය ඉල්ලා නඩු පවරා තිබීම හේතුවෙනි.

දරුවන්ගේ මවුපිය කටයුතු කෙරෙහි බ්‍රැඩ් වැඩි නැඹුරුවක් දැක්වීම කෙරෙහි ජොලී අමනාපයෙන් සිටීම ජොලී මෙසේ දික්කසාදය ඉල්ලා සිටීමට ආසන්නතම හේතුව වී ඇති අතර, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ජොලී සිය දික්කසාද නඩුව දැන් ගොනුකර අවසන් බවත්, දෙදෙනාගේ පරස්පර විරෝධී වෙනස්කම් හා අදහස් මෙම දික්කසාදයට හේතුව වී ඇති බවත්ය. එසේම එහි බ්‍රැඩ් නරක පූර්වාදර්ශ ලබාදෙන කලහකාරී පියෙකු බවත්, මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවෙකු බවත් සඳහන් කර ඇති ජොලී සිය දරුවන් හයදෙනාගේ භෞතික භාරකාරීත්වයද ඉල්ලා තිබීම විශේෂත්වයකි. එහෙත් තමන් දරුවන්ගේ අයිතිය ලබාගැනීම වෙනුවෙන් ජයගන්නා තුරුම සටන් කරනා බවත් බ්‍රැඩ් මාධ්‍යයට පවසා තිබේ.

2004 වසරේ සිට එක්ව වාසය කිරීම ආරම්භ කළ මොවුන් දෙදෙනා විවාහ දිවියට එළැඹෙන්නේ 2014 වසරේ අගෝස්තු මාසයේදීය. එහෙත් දැන් ජොනී ඩෙප්, සිය බිරිඳ වූ ඇම්බර් හර්ඩ්ගෙන් දික්කසාදය ලබාගැනීම සඳහා සේවය ලබාගත් නීතීඥවරියම මෙම නඩුවටද තෝරාගෙන ඇති ජොලී, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බයි ද සී චිත්‍රපටයේ ප්‍රචාරණ අවස්ථාවක් සඳහා එක්ව සිටි අවස්ථාව හැර ඔවුන් දෙදෙනා එක්ව මාධ්‍යයේ පෙනී නොසිටීම විශේෂත්වයකි.

මීට පෙරද දික්කසාද වූ ජොලී දික්කසාද වන තෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඇය ජොනී ලී මිලර් සහ බිලී බොබ් තොර්න්ටන් සමගද විවාහ වී පසුව දික්කසාද වූවාය.

එහෙත් බ්‍රැඩ් පිට්ද මීට පෙර දික්කසාදය වූවෙකු වන අතර, එවකට ජෙනිෆර් ඇනිස්ටන් සමග විවාහ වී සිටි බ්‍රැඩ් සිය විවාහයට තිත තබන්නේ“මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත්” චිත්‍රපටයේදී ජොලී සමග ඇතිකර ගත් හාදකමත් සමගිනි. ඒ අනුව මෙම පුවත සැල වීමත් සමගම බ්‍රැඩ් පිට් සමගින් මීට පෙර විවාහ වී සිටි ‍ඇනිස්ටන් මාධ්‍යයට පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගියේ කර්මය හේතුකොටගෙන බවයි. කෙසේ නමුත් පසුගිය වසරේදී බ්‍රැඩ් හා ජොලී එක්ව නිපැයූ “By the Sea” චිත්‍රපටය එළිදක්වා වැඩි කලක් නොගොසින්ම පෙර මෙම දික්කසාදය කරළියට පැමිණීමද විශේෂත්වයක් වන අතර එහි කතා පුවතට පාදක වන්නේද අතෘප්තිකර විවාහ යුවළක් වීමයි. ජොලී අධ්‍යක්ෂණය කරමින් රංගනයේ යෙදෙන මෙම චිත්‍රපටයේ,‍බ්‍රැඩ් පිට්ද ප්‍රධාන චරියකට පණ පොවයි.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධව වාර්තා කරමින් බීබීසි පුවත් සේවය සඳහන් කරන්නේ මෙම නඩුව ඇතුළත් කරමින් ජොලී පවසා ඇත්තේ මේ වන විට විවාහය දිය වී ගොස් අවසන් බවත්, එබැවින් පවුලේ ඉදිරිය උදෙසා ගත් හොඳ තීරණයක් ලෙසින් තමා මෙම දික්කසාදය ඉල්ලා සිටිනා බවකි.

 

2016-09-23-ent-09
2016-09-23-ent-08
2016-09-23-ent-07
2016-09-23-ent-06
2016-09-23-ent-04



අදහස් (0)

ජොලී - බ්‍රැඩ් විවාහය දෙදරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site