IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ජල බැටරිය’ විදුලි ව්‍යාපෘතිය ඇරඹෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ පළමු ‘ජල බැටරිය’ වන ‘මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය’ ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.  

මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩාකර, ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයන බව ඒ මහතා කීය.

2030 වන විට විදුලි උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සපුරාගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවත් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බලශක්තිය කරා යන පරිවර්තනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර, වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගැනීම එහි ඉලක්කය බවත් ධම්මික විමලරත්න මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (4)

‘ජල බැටරිය’ විදුලි ව්‍යාපෘතිය ඇරඹෙයි

සෙනෙවිරත්න Friday, 21 February 2025 02:58 PM

මේකට ජලය ගබඩා කරන්න විශාල ජලාශ අවශ්‍ය වෙන්නෙ නැහැ. දවසකට දෙකකට පහළට ගලාගෙන ගොස් අවසන්වෙන ප්‍රමාණයක් තිබුනොත් ඇති. මෙහෙම කලොත් සුර්යාගෙ අසීමිත බලය අපට සාර්ථක ලෙස කළමණාකරණය කරන්න පුළුවන්.

:       3       30

කර්නල් ආර් එම් ඩී රත්නායක(විශ්‍රාමික ) Saturday, 22 February 2025 04:13 AM

මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද?

:       0       0

Kumar Saturday, 22 February 2025 08:31 PM

අපි ඉන්න කැලිෆෝර්නියා පුරාන්තයෙ මැද තිබෙන තැනිතලා බිමේ සූර්ය කෝෂවල බලය එකතු කරන්නෙ බැටරිවලයි. එපමණක් නොව සුලං විදුලිය සඳහා එම බැටරි යොදනවා. ලංකාවෙ සිටින මෝඩයන්ට මේක වටහාගන්න බැරිව ඇති.

:       0       0

LAL Silva Tuesday, 25 February 2025 10:05 AM

ඔය හැම බැටරි වර්ගයක්ම පරියේෂණ තත්ත්වයේ? ගොන් වැඩ කරලා රට තවත් බංකොලොත් කරාවි! ඇයි හඳට ගිහිං අවුරදු 50කට නොගියේ? මුදල්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site