IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග

(විමුක්ති එස් රුද්‍රිගු)

දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා හෙට (27) රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එම නියෝගය කඩ කළහොත් වහාම මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසද කෝසල සේනාධීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එසේම එළඹෙන 10 වැනිදා සිට ඔක්තෝබර් 23 වැනිදා දක්වා ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රස පරීක්ෂක වෙත යවා ඇති හඬ සාම්පලය සමඟ සංසන්දනය කිරීමට හඬ සාම්පලයක් ලබාදීම සඳහා පසුගිය 18 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස ලියාපදිංචි තැපෑලෙන් ජෙරොම් ප්‍රනාන්දුට දැන්වූවත් ඔහු එම නියෝගය කඩකර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීති විරෝධී වංචා විමර්ශන ඒකකය වෙනමම විමර්ශනයක් සිදුකරන බවද පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.



අදහස් (5)

ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග

රංබොඩ Wednesday, 26 June 2024 06:44 PM

මේ මනුස්සයා ගේ රස්සාව මෝහය බෙදාහැරීම සහ සත්‍යයට නිගා කිරීම. පොත්වල කෝටි ගණන් සල්ලි N.G.O. වලින්දාලා...

:       0       0

Harimanis Wednesday, 26 June 2024 10:04 PM

මෙයාට දෙවියන්ගේ බලය ලැබිලා තියෙන්නේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගෙන්න ගන්නේ බලාගෙන. රස පරීක්ෂකවරුන්ව සිහිනැති කරන්න පුළුවන්.

:       0       0

සුධීර Thursday, 27 June 2024 01:45 AM

උප්පරවැට්ටියක් දාලා බේරෙයි නීතියට බය නිසා

:       0       0

Asanga samantha Thursday, 27 June 2024 10:10 AM

හිරේ දාන්න ඕන

:       1       4

Kamal Koyrala Thursday, 27 June 2024 12:42 PM

තවම හිරේ නෙවිද? ලොකු පොරවල් සද්දේ දැම්මේ රට ඉඩම් එද්දිම බෙල්ලෙන් අල්ලලා හිරේට ගෙනියන්න නේ....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site