IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජෙරම්ගේ ‘මිරකල් ඩෝම්’ ගැන විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (14) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළ ජෙරම් ප්‍රනාන්දු යන අය සහ ඔහුගේ සමීපතමයින් විසින් පවත්වාගෙන යනු ලබන සමාගම් පහක් සම්බන්ධයෙන් පු`ථල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අපරාධ පරික්ෂණ දොපර්තමේන්ත-ුව බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබූ වාර්තාවේ සදහන් වන අන්දමට, ජෙරම් ප්‍රනාන්දු යන අය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදංචි කර ඇති වාහන 14ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති අතර, ඒවා මිලදී ගැනීම සදහා ජෙරම් ප්‍රනාන්දු යන අය මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට අධිකරණයට දැනුම් දී ඇත.



අදහස් (1)

ජෙරම්ගේ ‘මිරකල් ඩෝම්’ ගැන විමර්ශනයක්

පැරකුම් Saturday, 15 July 2023 09:28 PM

මම ළගදි පොඩි කාර් එකක් ගත්තා. අලුත්ම එකක්. සතියක් ගියේ නෑ දේශීය ආදායම් කාරයො ඉවරයක් නැතුව මගෙන් ප්‍රශ්න කලා. අලුත් කාර් එකක් ගන්න සල්ලි කොයින්ද? … මම ඇත්ත කිව්ව පිලිගන්න බෑ කිව්ව. පස්සෙ මම බොරු කියල යාන්තම් බේරුනා. උන් හරිම මැට්ටො රැලක්. අපිවගේ අයට තමයි ඔක්කොම ප්‍රශ්න. සල්ලිකාරයො මොනව කලත් අහක බලාගෙන යනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site