IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘ජය මංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසනා‘

පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය   අද (14) යුගදිවියට එක්විය. උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක් විවාහ උත්සවයට සහභාගී වූහ. දෙවැනි ගමන ලබන ඉරිදාට (17) පැවැත්වීමට නියමිතය.

2015 වසරේ දී මහනුවරදී පැවැති මහින්ද සුළගරැලියේ දී මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ඇරැඹුණු බව දේශපාලන ආරංචි කියයි.

සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය යි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණිකි.

බොරළුගොඩ සිංහයා ලෙස විරුධාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ මුණුබරකු වන යදාමිණී, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාය. සූරියමල් ව්‍යාපාරයේ නියමුවකු වූ පිලිප් මහතා  ඇන්.ඇම් කොල්වින්, බර්නාඩ්, ලෙස්ලි හා විලියම් වැනි වාමාංෂික නායකයන් සමග සිරබත් කෑ වාමාංශික නායකයෙකි.

පිලිප්ගේ මුණුබුරාද පිලිප් මෙන් ඇමෙරිකාවේ විස්කොන්සින් සරසවියේ අධ්‍යාපනය ලැබීය. ඔහු වේල්ස් සරසවියේ ද අධ්‍යාපනය ලැබීය. ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ කෙනඩි පාසලේ විධායක අධ්‍යාපනය ලැබීය.

 

samanmali

 20160714_111748 20160714_112446



අදහස් (0)

‘ජය මංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසනා‘

අශාන් Thursday, 14 July 2016 04:08 PM

අනාගත ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)

:       0       0

නන්ද Thursday, 14 July 2016 04:18 PM

ඔය දෙපලගේ යුග දිවිය සාර්ථක වේවා! යහගුණ පිරි දරු සම්පත් ලැබේවා! යදාමිනී - සමන්මලී, අනාගත ලක් දේශපාලන අඹරේ දිදුලන තාරකාවන් වේවා! (නි)

:       0       0

පැරකුම් Friday, 15 July 2016 08:29 AM

සුබම සුබ අනාගතයකට අසිරි පතමි. (ර)

:       0       0

උපාලි Thursday, 14 July 2016 06:16 PM

ඔබ දෙපළගේ යුග දිවිය සාර්ථක වේවා! ජය මංගලම්! (නි)

:       0       0

මහේෂ් Thursday, 14 July 2016 06:50 PM

දෙමාපියන්ගේ අඩිපාරේම යන දරුවෙක් බව මේ සිදුවීමෙන්ම ඔප්පු වෙනවා. (නි)

:       0       0

ගුණේ Thursday, 14 July 2016 07:19 PM

දැයට බොහෝ සිංහල දරුවෝ දායාද කරන්න ජය මංගලම්! (නි)

:       0       0

ප්‍රියානි Thursday, 14 July 2016 07:35 PM

සිරි සුබ මංගලම්! (නි)

:       0       0

යසපාල Thursday, 14 July 2016 08:46 PM

මේ යුවළගේ චාම් ගතිය අපි අගය කරනවා (නි)

:       0       0

අබේ Thursday, 14 July 2016 09:41 PM

ලස්සන මනමාලියක්. සුබ මංගලම්! (නි)

:       0       0

සිරි Thursday, 14 July 2016 10:33 PM

ඔබ දෙපලට වාසනාවන්ත යුග දිවියකට මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ටිකී Thursday, 14 July 2016 10:49 PM

ඕගොල්ලෝ කසාද බැන්ඳට අපේ අහිතක් නම් නැහැ. ඒත් ඔයාලගේ දේශපාලන කෙරුවාව ගැන නම් අපේ පැහැදීමක් නැහැ. ඔයාලා දේශපාලනය නොකරන තාක්කල් අපි ඔයාලට සුබ පතන්නම්! (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 16 July 2016 11:59 AM

ඇන්ජලෝ, ඔය භූත දේශනාව පැත්තකින් දාලා මේ දෙදෙනාට සුබ පතන්න (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 July 2016 12:04 PM

සුබ අනාගතයකට අාසිරි පතමි! (නි)

:       0       0

හේමන්ත Friday, 15 July 2016 10:25 AM

ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයකට සුබපැතුම්. (ර)

:       0       0

නවරත්න Thursday, 14 July 2016 10:08 AM

අගමැති ජනාධිපති මෙතන නම් නැහැ වගේ (ම)

:       0       0

රොකී Thursday, 14 July 2016 11:46 PM

අපෙනුත් සුබ පැතුම් හදවතින්ම! (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 14 July 2016 11:58 PM

ඔබගේ යුග දිවිය සාර්ථක වේවා! (නි)

:       0       0

ටෙනිසන් Friday, 15 July 2016 12:20 AM

හරිම ලස්සන චාම් මනමාලියක් (නි)

:       0       0

ශ්‍රීමාලි Friday, 15 July 2016 12:51 AM

සිරි සුභ මංගලම්! (නි)

:       0       0

අන්වර් Thursday, 14 July 2016 10:47 AM

ඔබ දෙපළට කිරි ඉතිරේවා! (නි)

:       0       0

හේමන්ත Thursday, 14 July 2016 11:04 AM

ජනාධිපතිතුමා ඊයේ පිටරට ගියා නේද? (නි)

:       0       0

උපුල් Thursday, 14 July 2016 11:05 AM

මොනතරම් ලස්සන චාම් මඟුල් ගෙයක්ද? අපේ සුබ පැතුම්! (නි)

:       0       0

තිලක් Thursday, 14 July 2016 11:12 AM

සුබ මංගලම් ඔබ දෙදෙනාට! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 14 July 2016 11:12 AM

මෙයාලට කොහොමත් ඉතින් රජසැප. රටේ ජනතාව බඩ පටි තදකරගෙන ඉන්න වෙලා. (නි)

:       0       0

ඉන්ද්‍රානී Thursday, 14 July 2016 11:12 AM

බොරු විච්චූරණ නැති චාම් මනාලියක් (නි)

:       0       0

සඳුන් Thursday, 14 July 2016 11:20 AM

සුබ මංගල්‍යයක්ම වේවා! එ්ක තමා කියන්නේ හොඳට නරකට දෙකට කටමය කියලා. (නි)

:       0       0

සමරසිංහ Thursday, 14 July 2016 11:20 AM

යහපත් යුග දිවියකට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

විජේ Thursday, 14 July 2016 11:27 AM

හොඳ ජීවිතයක් ගත කරන්න නම් දේශපාලනයෙන් ඉවත් වුණොත් හොඳයි (නි)

:       0       0

පියසිරි Thursday, 14 July 2016 11:48 AM

"මහින්ද සුළඟින්" ජනාධිපති මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද වුණා. හැබැයි යදාමිණිට​ වගේම ඒ සුළග තවත් පවනක් වූ බොහෝ දෙනෙක් නම් ඉන්නවා. (නි)

:       0       0

චතුරි Thursday, 14 July 2016 11:49 AM

වාසනාවක්ම වේවා.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 15 July 2016 03:15 AM

පොළවේ අඩි හප්පලා අධිරාජ්‍යවාදීන්ට පලු යන්න බනින සමාජවාදියෝ හැමෝගෙම කෙරුවාව මේක තමයි. තමන්ගේ දරුවන් උගන්වන්න යවන්නේ අධිරාජ්‍යවාදී රටවලටම තමයි. (නි)

:       0       0

මනෝජ් Friday, 15 July 2016 03:13 AM

ඔබට සුබ මංගලම්! (නි)

:       0       0

සමන්ති Friday, 15 July 2016 03:17 AM

ලස්සන මනමාලියක්. හිතට ප්‍රිය උපදවන දසුනක් (නි)

:       0       0

ආසිරි Thursday, 14 July 2016 11:58 AM

ශ්‍රී සුබ මංගලම්.(හේ)

:       0       0

පද්මිණි Thursday, 14 July 2016 12:07 PM

සුබ මංගලම්....(හේ)

:       0       0

තිලක් Thursday, 14 July 2016 12:12 PM

සුබ මංගල දිනයක් වේවා.(හේ)

:       0       0

ටිකිරි Thursday, 14 July 2016 12:19 PM

මනමාල යුවලට අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

චින්තන Thursday, 14 July 2016 12:29 PM

සුබ මංගලම්, ඉදිරිය ජීවිතේ වසනා වේවා. ‍(හේ)

:       0       0

ශශිකා Thursday, 14 July 2016 01:08 PM

ජය මංගලම්...! සුබ මංගලම්...! (නි)

:       0       0

කරුණාජීව Thursday, 14 July 2016 01:31 PM

සුභ මංගලම්! (නි)

:       0       0

සහන් Thursday, 14 July 2016 01:33 PM

එක වගේ කුරුල්ලොනේ එකට හමුවෙන්නේ. (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 14 July 2016 01:38 PM

බැලුවහම මේ වාමාංශිකයෝ ඔක්කොම වගේ බටහිර ධනවාදී රටවල තමයි ඉගෙනගෙන තියන්නේ. නමුත් අපිට දෙන්නේ වෙනම පින්තූරයක්. මේක මේ රටේ ඉන්න අයට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

රුවන් Saturday, 16 July 2016 03:43 AM

ඔබ දෙපලට ජයසිරි මංගලම්.! (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 14 July 2016 01:39 PM

වාසනාවන්ත යුග දිවියක්! (නි)

:       0       0

ජයසිංහ Thursday, 14 July 2016 02:05 PM

සුබ අනාගතයකට ආසිරි පතමු! (නි)

:       0       0

නිශ්ශංක Friday, 15 July 2016 05:19 AM

සිරි සුබ මංගලම්. (ර)

:       0       0

උදාර Thursday, 14 July 2016 02:06 PM

මමත් හදවතින්ම සුබ පතනවා! (නි)

:       0       0

අශෝක Thursday, 14 July 2016 02:19 PM

ශ්‍රී සුභ මංගලම්! ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය වේවා! (නි)

:       0       0

බොනී Thursday, 14 July 2016 02:29 PM

බුද්ධිමත් ඔබ දෙපලට ජීවිතය පහසුවෙන් ජයගත හැකිවනු ඇත (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 14 July 2016 03:02 PM

සුබ මංගල දිනයක් සහ සුබ පවුල් ජීවිතයකට හද පතුලෙන්ම ආසිරි පතමි! (නි)

:       0       0

අයිරාංගනී Thursday, 14 July 2016 03:05 PM

අපේ හිටපු ජනාධිපතිතුමා විතරයි වගේ පෙනෙන්න නම් ඉන්නේ (නි)

:       0       0

නිම්මි Thursday, 14 July 2016 03:21 PM

මේ ඉන්නේ මිනිසුන්ගේ සිත් වල සැමදා ජනපති. එයා තමයි ඉතිහාසයේ ලියවෙන්නේ. (නි)

:       0       0

ආසිරි Thursday, 14 July 2016 03:21 PM

හොඳ වාසනාවන්ත යුවලක්. ජයවේවා! (නි)

:       0       0

අතුල Thursday, 14 July 2016 03:32 PM

නියම ගැළපීමක්. සුබ පැතුම්! (නි)

:       0       0

ගමගේ Thursday, 14 July 2016 03:43 PM

හරිම චාම් ලස්සන මනමාලියක් (නි)

:       0       0

නිහාල් Thursday, 14 July 2016 03:50 PM

මෙවැනි උගත් අයගෙන් රටට සේවයක් ලබාගත යුතුයි (නි)

:       1       0

ගුණසිරි Thursday, 14 July 2016 03:49 PM

බොරු ආටෝප නැති සරල විවාහ උත්සවයක් (නි)

:       0       0

චාමර Friday, 15 July 2016 07:07 AM

චාම් මගුලක්. සිරි සුභ මංගලම්! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 284 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 772 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site