බෙල්ජියම් බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත මොන්ටානා සමුළුවට සහභාගී වූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිසිදු අවස්ථාවක එම සමුළුව අමතා නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2013.10.25 වැනි දින ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ වූ පුවතක් ගැන කරුණු පැහැදිලි කරමින් ඒ මහතා එසේ කියයි.
පොලිස් දෙපාර්තමේන්තුව හා මහජනයා අතර මිතුරු සබඳතාවය වර්තමානයට වන විට ඉතාමත් දුර්වල තත්ත්වයක පත්වී ඇති බවට කිසිදු ප්‍රකාශයක් ජයසුන්දර මහතා කර නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජයසුන්දර සමුළුවට ගියත් කතා කළේ නෑ‘
පිටිගල මිලානෝ Tuesday, 05 November 2013 04:58 PM
කෙසේ වෙතත් වැදගත් වන්නේ පුජිත ජයසුන්දර මහතා තම කාර්යය අකුරට ඉටු කරන අති දක්ෂ පොලිස් නිලධාරියෙක් යන්නයි. එතුමා පොලිසියට සම්පතකි. (ස)
පොනිල් Tuesday, 05 November 2013 05:52 PM
එහෙම බොරු කරන එක හරි නරකයි (නි)
සුභාෂිනි Wednesday, 06 November 2013 11:33 AM
ඔය කතාව අර ගොරක දඩමස් කිරීම හා දඩමස් ගොරක කිරීමක් වගෙයි .ජයසුන්දර මහත්මා ඉදිරියට එනවට අකමැති අයත් ඉන්නවා නේද ? (ස)
අමිල කටුනායක Tuesday, 05 November 2013 06:15 PM
කිවුවත් නොකිවුවත් ඒක තමයි ඇත්ත (නි)
පද්මිණි Tuesday, 05 November 2013 06:36 PM
පුදුම කතාවක්නේ. (නි)
කින් බෙනට් Tuesday, 05 November 2013 06:51 PM
දැන් එතකොට එහෙම නොකියපු එක ජනතාවගෙන් පැත්තෙන් හොඳයිද? නැත්නම් ඔබතුමාලගේ පැත්තෙන් හොඳයිද? නැත්නම් පාලකයන්ගේ පැත්තෙන් හොඳයිද? (නි)
කින් බෙනට් Tuesday, 05 November 2013 06:52 PM
එයා එහෙම නොකිවුවා නම් ලොකු වරදක් නේ කරලා තියෙන්නේ. (නි)
ලාල් Wednesday, 06 November 2013 02:42 AM
එහෙම කතාවක් කළා නම් ඒකේ වීඩියෝ එක ඇතිනේ. එහෙම නැත්නම් අපිට පිළිගන්න වෙන්නේ අජිත් මහත්තයා කියන එක . (නි)
ගජ මෑන් Tuesday, 05 November 2013 07:24 PM
ඔය හුඟක් රාජ්‍ය තාන්ත්‍රිකයෝ විදේශ සමුළුවලට,වැඩ සටහන් වලට කියල රජයේ වියදමින් ගියාට ගිහින් ෂොපින් යනවා යාළුවො එක්ක සෙට් වෙනවා, ඇවිදිනවා, තරු පන්තියේ හෝටල්වල නිවාඩුවේ ඉඳලා එනවා, කාලා බීලා නිදාගන්නවා, එච්චරයි. රට වෙනුවෙන් කතා කරන්නේවත් නැහැ. ඕකට ඉතින් ඉරිසියා වෙන් කතා කරන්න හොඳ නැහැ . එක ඒගොල්ලන්ගේ වාසනාව. මේක අපේ අවාසනාව.(දිල්)
rxcs;a Wednesday, 06 November 2013 05:32 AM
පොලිසියයි මහජනතාවයි අතර කිව යුතු තරමේ සම්බන්ධතාවයක් ලංකාවේ තියෙනවා යැ. අනික ලංකාවේ ජයසුන්දර කයිවාරු ගැහුවාට රට කවුරුත් ඕවා අහන්නේ නෑ. ඒක එතුමා දන්නවා. ඒකයි කට ඇරලා නැත්තේ . ලංකාවේ නම් පොලිස් පොඩ්ඩෝ හරි අහ ගෙන ඉන්නවා. (නදී)
ලුම්බිණි Wednesday, 06 November 2013 06:00 AM
ඔයගොල්ලම කතා කලා කියනවා ආයෙත් කතා කලේ නැහැ කියනවා. (නදී)
පෙරේරා අංක එක Wednesday, 06 November 2013 06:03 AM
පොඩි අමතක වීමක්. හොයලා බලන්න ඕනේ මොකද අපට කතා කරන්න තහනම් කලේ කව්ද කියාලා.(නදී)
මොන්ටි මිලානෝ Wednesday, 06 November 2013 02:59 PM
පුජිත ජයසුන්දර යනු ආදර්ශමත් පොලිස් නිලධාරියෙකි. ඔහුට කවුරු මඩ ගහන්න හැදුවත් පොදු ජනතාව ඔහුව හොඳින් අඳුනනවා. (ස)
එරංග Wednesday, 06 November 2013 04:29 PM
ජයසුන්දර මහත්තයා කියල තියෙන්නේ ඇත්තනේ. (ස)
මෙන්ඩිස් Tuesday, 05 November 2013 03:29 PM
දැන් අපි විශ්වාස කරන්න ඕනේ කවුද? (ස)