IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජ,පුර සරසවිය ජාතික සංහිඳියාවෙන් රසවත් වෙයි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සුමංගල ශාලාවේ  වහලයට උඩින් ඊයේ පෙරෙයිදා  දුම්පිට වෙනු දුටු හුඟදෙනෙකුට පුදුමයක් දැනී තිබුණි.

එක වෙලාවකට ඒ දුම් වලින් කැවුම් බැදෙන සුවඳ දැනෙද්දි තවත් වෙලාවක වන්ඩු තැමිබෙන සුවඳක් දැනෙන්නට විය 

ඒත් සමඟ තවත් මොහොතකින් උළුඳු වඩේ තෙලෙන් බැදෙන සුවඳත් දුම් දමන තෝසේ වළින් හමන සුවඳක් ද  දැනුණේය

 

අලකාර ගැමි පරිසර ආකෘතියක් සැකසූ සුමංගල ශාලාවේ පුංචි මංගල්‍යයකි

අළංකාර දේශිය ඇඳුමින් සැරසී ඔබ මොබ යන තරැණ සිසුසිසුවියෝය

ඇතැමුන් එක්ව තැනක කැවුම් පිසිති තවත් තැනක වෙල්ල වැහුම් පිළියෙළ කරති තවත් තැනක වෙනස් කෑම පිසිති ඒ මුස්ලිම් තරැණියෝ පිරිසකි. තවත් තැනක වඩේ බදිමින් දෙමළ තරැණියෝ පිරිසක් සිටිති

සර්ව ජාතින් නියෝජනය කරමින්  මෙසේ සුදානම් වී තිබුණේ ඔවුන්ගේ ජාතික සංහිඳියාව පිළිඹිඹු කරන ව්‍යාපෘතියයි

විශ්ව විද්‍යාල උපකුලපති  ආචාර්ය එන්. එල්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනින් සත්කෝරළයම නියෝජනය  කරමින් ප්‍රදේශවලට අවේණික ආහාර සියළු ප්‍රඡාවට බෙදා ගැනීම අරමුණ වීය  

ප්‍රවිණ සූපවේදි පබිලිස් සිල්වා ,ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත  වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා සම්පත් දායකයෝ වූහ



අදහස් (0)

ජ,පුර සරසවිය ජාතික සංහිඳියාවෙන් රසවත් වෙයි

විජේසිංහ Thursday, 29 May 2014 04:12 PM

ගොඩක් සතුටුයි.පොඩි දුකකුත් හිතට දැනුණා ඒ අපිට එන්න නොලැබුණු හින්ද (දිල්)

:       0       0

වත්සලා Friday, 30 May 2014 03:32 PM

මෙවා නම් පුහු අාටෝප වගෙ වැඩ. සිංහල අය තමන්ගෙ රට බෙදල දෙන්න දඟලන තරමක් කියලයි හිතෙන්නෙ. රැවටෙන්නෙ සිංහල අයම තමයි. දෙමළ අයට උතුර ඕන. මුස්ලිම් අයට නැගෙනහිර ඕන. එහෙ සිංහල මිනිස්සු එලවන බව කොළඹ අය දන්නෙ නැතුව වගේ. (ස)

:       0       0

වින්සන්ට් Friday, 30 May 2014 03:43 PM

ජාතික සංහිදියාව වැඩ සටහන් පටන් ගන්න ඕන ළදරු පාසලේ සිටය. ජනතාව බලාපොරොත්තු වන්නේ ජාතික මට්ටමේ ක්‍රමවත් වැඩ පිලිවෙලකටය. (ස)

:       0       0

සුනිල් රියාද් Friday, 30 May 2014 04:54 PM

"අඳුරට දෙස් තියනවට වඩා එක පහනක් වත් පත්තු කිරීම හොඳයි" කියන කීම අහලවත් නෑ වගේ සමහර අදහස් දමන මහත්තුරු. (අ)

:       0       0

හිල්මි Friday, 30 May 2014 12:42 AM

කාගේ වුනත් සංකල්පයනම් ඉතා හොඳයි, නමුත් මීට වැඩිය ටික්කක් බරදාලා කරලා තිබනම් වැඩ හොඳයි. (ස)

:       0       0

රංග Friday, 30 May 2014 07:06 AM

අපේ නැණ පැහැදූ ජයවර්ධනපුර සරසවිය දිනේවා! අද අපි පිටරටවලට වෙලා සැපට ඉන්නේ ගරු නම්බු ලබන්නේ ඔබට පින්සිදු වෙන්නයි, සරසවි මෑණියනි..... (නි)

:       0       0

සම්පත් Friday, 30 May 2014 07:31 AM

මේවා හොදයි ටෙලිනාට්‍ය වලට. අපේ සිංහල අය හිතන්නේ මේගොල්ලෝ එකට හිටගත්තහම ඔක්කොම හරිය කියල. මෙතනින් එලියට ගිහාම අායෙත් යන්නේ ඒගොල්ලන්ගේ ලෝක වලට. තමන්ගේ ජාතිවාදී න්‍යායාපත්‍ර අනුව වැඩ කරනවා. නිකම් බොරුවට හිත රවට්ටගන්න එපා. (ස)

:       0       0

ලුම්බිණි Friday, 30 May 2014 07:43 AM

මෙහෙම ඉන්නවා නම් කොපමණ හොඳද? ඒත් අපේ සමහර සංවිධාන මේවාට අකමැතියි නේද? (නි)

:       0       0

මලිති Friday, 30 May 2014 08:42 AM

සම්පත් ඔබේ කීම අනුමත කරනවා. මේව බොරු සෝබන වැඩ යතාර්ථය මීට වෙනස්. (ස)

:       0       0

සුමේධ Friday, 30 May 2014 09:06 AM

සම්පත් හරි. සංහිදියාව කියන්නේ මේ වගේ ප්‍රදර්ශන වලට නෙවෙයි. එ්කට ජාතික වැඩ පිළිවෙලක් ඕන. මේවා හොඳයි ටෙලිනාට්‍ය වලට. අපේ සිංහල අය හිතන්නේ මේ ගොල්ලෝ එකට හිට ගත්තම ඔක්කොම හරි කියල. මෙතනින් එළියට ගියාම අායෙත් යන්නේ ඒ ගොල්ලන්ගේ ලෝක වලට. තමන්ගේ ජාතිවාදී න්‍යායා පත්‍ර අනුව වැඩ කරනවා. නිකම් බොරුවට හිත රවට්ට ගන්න එපා. (ස)

:       0       0

රංජිත් සිල්වා Friday, 30 May 2014 09:11 AM

නෙතට කඳුළු ආවා, සතුටට. සැමට සුභ අනාගතයක් වේවා. (ස)

:       0       0

චින්තක පෙරේරා Friday, 30 May 2014 09:33 AM

අපේ සිංහල රට බෙදාගන්න සිංහලයෝම කරන මේ උත්සාහය මට නම් විහිළුවක්. (ස)

:       0       0

අනු Friday, 30 May 2014 10:11 AM

මගේ දෙනෙත් පෑදු සරසවි මෑණි දිනේවා (දිල්)

:       0       0

රණා Friday, 30 May 2014 11:25 AM

ලෝකයේ දියුණු වූ රටවල මේ වගේ තමයි වැඩකරන්නේ. එහෙම වුණා කියල තම ජාතික අනන්‍යතාවට හානියක් කරගන්නේ නැහැ. මෙය හොද වැඩක් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site