(නිමන්ති රණසිංහ)
ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුකට අධික පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළ බවට වරදකරුවූ කොළඹ 07 කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 15ක සිරදඬුවමක් අද (03) නියම කළේය.
පැමිණීලිකරුවන්ගෙන් වංචා කළ රුපියල් ලක්ෂ 50කට අධික මුදල යළි පැමිණීලිකරුවන්ට ගෙවන ලෙසත්, එසේ නොගෙවන්නේ නම් එක් නඩුවක් සදහා ගෙවිය යුතු මුදල වෙනුවෙන් මාස 06 බැගින් වසර හත හමාරක ලිහිල් සිරදඩුවමක් ද අධිකරණය විසින් චුදිතට නියම කරනු ලැබීය.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ මේ වන විට අධිකරණය මග හැර සිටින විවෘත වරෙන්තුකරුවකු වන නො. 25/ 27, ශ්‍රී විපුල සේන මාවත, මරදාන, කොළඹ 10 පදිංචි පුබුදු මනෝජ් රණවක පතිරණ හෙවත් ‘රොෂාන්’ නැමැත්තාටය.
මෙම චූදිත නොමැතිව අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, මුල් අවස්ථාවේදී චූදිත අධිකරණයේ පෙනී සිටිමින් වංචා කළ මුදලින් සුලු කොටසක් පැමිණීලිකරුවන්ට ගෙවා තිබූ බව ද අධිකරණයේදී කරුණු හෙළි විණී. මෙම චූදිතට එරෙහිව අධිකරණය විසින් මේ වන විට විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජපන් සිහිනය බොද කළාට වසර 15ක් මහඋළු ගෙදරට
Gihan Monday, 03 April 2023 11:16 PM
D. K. Udayasiri ට නීතිය නැද්ද .ඔහු ගොඩක් දෙනෙකුට වංචා කොට නිදැල්ලේ .පොඩි අයට විතරයි දඬුවම්