IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්

(ටී.කේ.ජී.කපිල)

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේ පැවති උත්සවයකදී , ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත අද (29) දහවල් භාර දීම සිදු කෙරුණි .

මෙම පරිත්‍යාග අතර ගිලන් රථ , කසළ ප්‍රවාහන ට්‍රක් රථ , ස්වයංක්‍රීය පැටවීම සිදු කළ හැකි කසළ බදුන් , නවතම සී.- 2 තාක්ෂණයෙන් යුතු  ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Scanners), ගුවන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Baggage Scanners), වැසිකිළි පද්ධති, වෛද්‍ය උපකරණ,  ආගමන විගමන නිලධාරීන් සදහා විද්‍යුත් ආගමන විගමන කවුළු සදහා අවශ්‍ය උපකරණ ( Electronic Gate), ගුවන් මගීන්ගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර (Passport Scanners) සහ ගුවන් තොටුපොළ  විවිධ ස්ථාන වල තොරතුරු ප්‍රදර්ශනය කිරීම සදහා භාවිතා කරන ඩිජිටල් පුවරු ද ඒ අතර විය .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කමොෂිඩා නවොඅකි , ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන්ත කුළසේකර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම ,කටුනායක ගුවන් තොටුපොළ තොරතුරු තාක්ෂණික අංශ ප්‍රධානී උදය ලොකුආරච්චි , ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් , මෙම අවස්ථාවට පැමිණ සහභාගී වී සිටියහ .

මෙසේ ලබා දුන් ආධාර වලින් කොටසක් මාළදිවයින , සහ කොළඹ වරාය වෙත ද ලබා දීමට නියමිතය .



අදහස් (3)

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්

chamara Friday, 29 November 2024 03:26 PM

ස්තුතියි, ජපන් මිනිසුනේ. මම දන්නා විදිහට ජපානේ කියන්නේ අපේ රටට ගොඩාක් හිතවත් රටක්...

:       2       92

චන්දිම Friday, 29 November 2024 05:41 PM

ඔය කසල ප්‍රවාහන රථ සහ බඳුන් වගේ දේවල් ගුවන් තොටුපල වගේ වැදගත් තැන් වලට පාවිච්චියට තියා ගත්තා නම් තමයි හොඳ. මොකද ඕවා කුණු අදින්න කියලා මේ රටේ නගර සභා වලට දුන්නොත් නම් මාසයක් යන කොට හප්පලා හුරලා කුණු ජරා වෙලා දිරල විනාශ වෙලා පැත්තකට ගාල් කරලා දිරන්න දාවි. අඩුම ගානේ මාසෙකට වතාවක් වත් හෝදන්නවත් බලධාරීන්ට උවමනාවක් නැති වේවි. 1980 ගණන් වල ජපානයෙන් ලංකාවේ CTB එකට ජපානයේම නිමකළ අලුත්ම ඉසිසු ඔටෝ බස් රථ 100ක් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණා. අපේ රටේ මිනිස්සු ඒවා අරගෙන අදායම උපයාගෙන ස්වශක්තියෙන් නැගී සිටීමට හැකි ආයතනයක් ලෙස CTB දියුණු කළාද නැහැනේ... බොරුකාර පන්දම් කාරයෝ තමයි මුල් පුටු වලට පත්වුණේ. රජයේ රෝහල්වලට ගිලන් රථ දුන්නාම ටික කලක් දුවලා කොච්චර නම් ප්‍රමාණයක් අහකට දාලා තියෙනවාද? ඔන්න ඔය දුර්වලථා නැති කරන තාක් අපිට කොච්චර ආධාර ලැබුණත් දියුණුවක් ලබන්න බැහැ. අනික ජපන්නු අපිට නොදැනුනත් අපිට දෙන මේ ආධාර වලින් අපි නියම ප්‍රයෝජනයක් අරන් දියුණු වෙනවාද නැද්ද කියන එක ගැන අවධානයෙන් ඉන්නේ...

:       2       63

Lucky M USASaturday, 30 November 2024 01:04 AM

ඔබගේ අදහස හොඳයි... නමුත් දෙන්න එපා කියන එක උත්තරය නොවේ. අපි ඒ අයව ඒ තත්වයෙන් ගනිමු. සිස්ටම් වෙනස් වීමට අවශ්‍යයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site