
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපන් ජාතිකයන් ආයෝජන වංචාවලට හසුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකාවේ වංචනික සංවිධානයක් ජපන් බස කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන් බඳවා ගනිමින් සිටින බව ජපානයේ කියෝඩෝ පුවත් සේවය පෙරේදා (23) වාර්තා කළේය.
මෙම සංවිධානය කොළඹ සිට ක්‍රියාත්මක වන බවත් එහි සේවකයන් 100 කට අධික පිරිසක් සේවය කරන බවත් කියෝඩෝ පුවත් සේවය ප්‍රකාශ කළේය.
තොරතුරු තාක්ෂණ සමාගමක් යැයි පවසන එම සංවිධානයේ එකඳු ජපන් ජාතිකයකුවත් සේවය නොකරන බව ලැබී තිබෙන තොරතුරු අනුව අනාවරණය වී ඇතැයි කියෝඩෝ පුවත් සේවය පැවැසුවේය.
තොරතුරු තාක්ෂණ සමාගමක් යැයි පවස ගන්නා මෙම සමාගමේ කෙටි කළක් වැඩ කළ සේවකයකු අදාළ සමාගම පිළිබඳව කියෝඩෝ පුවත් සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් එම පුවත් සේවය මෙම ලිපිය පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපනුන් වංචාවලට හසුකර ගන්නා සංවිධානයක් ගැන කියෝඩෝ පුවත් හෙළි කරයි
ramani siriwardena Wednesday, 25 December 2024 03:41 PM
දෙකක් නැහැ චීන්නුන්ගේ වැඩක් වෙන්න ඕනේ. ජපනුන්ට පිස්සු නැහැ තොරතුරු තාක්ෂණය වෙනත් රටවලට අලෙවි කරන්න.