සංවත්සරය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයකි. එතැන සියල්ලම සිදුවනුයේ විනයක් ඇතිවය. ඒ නිවස්නයේ සම්ප්‍රදායයි. රාත්‍රී භෝජනයේ නියමිත ඇඳුමද එහි කොටසකි. මහා ලේනා හා බිරිය ආරාධිතයෝය.
ආරාධිතයාත් ඔහුගේ බිරියත් ආහ. නිවස්නයේ ලොක්කන් මුහුණෙන් මුහුණ බලාගත්තේ ඒ දෙදෙනා ඇතුළු වද්දීය. හේතුව පැහැදිලිය. අනාරාධිතයට එම නිවස්නයට ඇතුළු විය නොහැකිය. මහ ලේනාගේ දෝණිය ඔවුන් සමගය. ඔවුන් මුහුණ පෑ ප්‍රශ්නය දෝණිය අනවසරයෙන් පැමිණීමම නොව ඇගේ ඇඳුමයි.
ජීන්ස් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිටි ඇය ඒ රෑ කෑමට කිසිසේත්ම නොගැලපෙන බව බූට් සපත්තු ගැටුණු හඬින් පමණක් නොව ඔවුන්ගේ මුහුණු වලින්ද පැහැදිලි විය.
ඒත් කළ හැකි දෙයක් නොවීය. නිවස්නයේ රාත්‍රී භෝජනයේ ඇඳුමේ නීතිය එදා අමු අමුවේ ඉවත් කිරීමට කාට කාටත් සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීන්ස් කලිසමයි ටී ෂර්ටයයි නිවස්නේ නීතිය කෙළෙසයි
සුබා Sunday, 06 September 2015 05:14 PM
දැන් ලොකුම ප්‍රශ්නය රෑ කැමට ඇඳපු ඇඳුමද? (නි)
ඔෂී Saturday, 19 September 2015 02:37 AM
තැනට සුදුසු විදියට ඇදගෙන ගියානම් ප්‍රශනයක් වෙන්නෑනේ ....(ම)
මහේෂ් Wednesday, 09 September 2015 06:16 AM
ගොඩක් අයට මේ ප්‍රවෘතිය තේරිලා නැහැ . (අ)
ටෙනිසන් Monday, 07 September 2015 04:23 PM
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
ගජේන්ද්‍ර Tuesday, 08 September 2015 06:38 AM
ඇඳුම කියන දේ මෙච්චරටම බලපෑමක් කරනවද? (නි)
සම්පත් Monday, 07 September 2015 08:49 AM
තරුණ ළමයින්ගේ ඇදුම් ගැන මොකට වද වෙනවද (බ)
සනත් Thursday, 17 September 2015 05:59 AM
නොගැලෙපන අයට අාරාධනා කළ කෙනා නේද වැරදි (බ)
සිරි Wednesday, 09 September 2015 05:18 PM
හොඳයි කවුද කියමු බලන්න මේ? (නි)
ඉෂාරා ලක්ෂානි Sunday, 13 September 2015 08:38 AM
මම ආසම පත්තරය ලංකාදීප. (නි)
සංජය Friday, 18 September 2015 06:00 AM
ඇත්ත නේ .. ඔය ජීන්ස් කියන එක අැන්දම සවුත්තුවට පේනවා ඇති එ්කය් .. ඉතින් කෑම කන්න ආපු අයට කෑම එපා වෙන එක අහන්න දෙයක් ද (බ)
පිටබැද්දර ජයා Sunday, 06 September 2015 12:37 PM
ලේන්නු කොහොමත් ඔහොම තමයි. අහිංසක පෙනුමට හිටියට කිසිම චාරයක් නැහැ නොවැ (නි)
සමන් Thursday, 17 September 2015 12:01 AM
ඇඳුම කුමක් වුණත් ඇඳගෙන රෑ කෑමට ගිය එක ලොකු දෙයක්. (නි)
මෙනක Tuesday, 08 September 2015 08:56 AM
ඉංග්‍රීසි ක්‍රමය නොදන්නා අයට මේවා මහා ප්‍රශ්න. ආහාර වේලකට ගියත් එකේ ක්‍රමයක් පිළිවෙලක් තියන බව අපේ සිංහලයන්ට තේරෙන්නේ නෑනේ. (අ)
රෙජි-සිඩ්නි Tuesday, 08 September 2015 01:49 AM
කොටට කොටේ ගවුමක් ඇඳගෙන එනවට වැඩිය,දිගට දිගේ ජීන්ස් එකක් ඇඳගෙන ආ එකම කොයිතරම් හොඳද? (නි)
චින්තක Monday, 07 September 2015 05:52 AM
මම හිතුවේ කොටම කොට රෙදි කැල්ලක් ඇඳන් ඉඳල කියල. ජීන්ස් අද කවුරුත් අඳිනවා. හැබැයි ඇඟට ඇලිල අඳින ඒවගේ නම් විලි ලැජ්ජයි. (බ)
ශ්‍රියා Friday, 11 September 2015 03:33 AM
දන්නේ නැති නිසා අහන්නේ. නිවස්න හා ලේනා ගැන වැඩි විස්තර කියන්න දන්නා කෙනෙක් ඉන්නවද? (නි)