(අංජුල මහික වීරරත්න)
දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා නව වසර වෙනුවෙන් සුබ පැතුමි පනිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයා මෙසේද පවසයි.
ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.
දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය.
ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.
ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන සිටිමු. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුවයි.
මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමඟ රටක් ලෙස අප 2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරදූර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවි තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත.
මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු. සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා !’යි, සාමය සහ ප්‍රගමනය උදෙසා අප හා එක්ව ප්‍රයත්න දරන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරමි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ජනවරමේ වගවීම හා වගකීම ඉටු කරනවා‘
ramani siriwardena Wednesday, 01 January 2025 09:01 AM
අම්මෝ සද්දවහලා ඉඳගෙන අකුරටම ඉටුකරන බව පේනවා. ඒ නිසානේ කප්පම් ගන්න, ප්‍රාඩෝ මාරු කරගන්නේ, වහලා උඩ නැගගෙන පොහොර සහනාධාරය ඉල්ලන්නේ, මාලිමා කාර්යාල ක්ලබ් වටලන්නේ ගෝලයින්ගේ වැඩත් අකුරටම ඔන්න කරනවා. ඔහොම යන්..!
[email protected] Thursday, 02 January 2025 10:25 AM
අවුරුදු 5 මේ වගේ කිය කිය ඉදිය්. තවත් බොරු කියන්න ඉතිරිවෙලා තියනවද දන්නේ නත. බලයට ආවේ තනිකරම බොරුවෙන්
Nuwan Thursday, 02 January 2025 03:40 PM
බොනිකර තරුව පායලා