IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයක

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ ( paris club)සාමාජිකයන් ද හමුවීමට නියමිතව පවතී.

ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින පහකට ආසන්න කාලයක් ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයේ නිරත වනු ඇත.

 



අදහස් (10)

ජනපති ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයක

දාස Sunday, 11 June 2023 04:35 PM

මිනිහා හිතේ හැටියට සැප ගන්නවා.. ඔය රටවල්වල නායකයෝ දන්නවා මේ යෝධයා පිනා ජනාධිපති කියලා.., රටට ඇවිල්ලා පට්ට පල් බොරුවක්... කෙළියි... හැමදාම කරන විදියටම, ලංකාවේ ප්‍රශ්න ගැන ඔවුන් අවධානය යොමු කළා. සාකච්ඡා සාර්ථකයි කියලා. අර මැද පෙරදිග කෙල්ලෝ දුක් විඳලා හම්බ කරන ඩොලර්වලට යන කල තමයි...

:       15       36

Kazi Shajahan Sunday, 11 June 2023 05:11 PM

රනිල් ඔයා රට යන්නේ 1978 ඉඳන් 24, 123 වෙනි වතාවට, කෝ මොනවද වුණේ රටට? වලපල්ලටම ගියා...

:       8       25

SantthSunday, 11 June 2023 10:29 PM

1978 සිට 2023 ට අවුරුදු 45. මාස තුනකට සැරයක් පිටරට ගියා නම් 180 වාරයක් යන්න ඇති. මං හිතන්නෙ එච්චර වත් ගිහින් නැහැ. 24123 වාරයක් පිටරට යන්න නම් සෑම පැය 18 වරක් ගණේ ගිහින් තියෙනවා. හීනෙන් වෙන්න ඇති.

:       1       4

බංකොලොත් විශාරද Sunday, 11 June 2023 05:41 PM

පුදුමයි මේ සැරේ අමතන්න සමුළුවක් හොයාගන්න බැරිවෙලා, නැත්නම් ඒ චූන් එකත් අරගෙනමයි එන්නේ...

:       11       25

fairoos Sunday, 11 June 2023 07:28 PM

දැන් ඩොලර් තියනවද? එහෙනම් ඡන්දයක් තියන්නත් පුළුවන් වෙන්න ඕනෑ...

:       6       20

Sarath Silva Sunday, 11 June 2023 09:53 PM

ඔය එන්නෙ පෞද්ගලික ආතල් ගැනිමටයි. මෙහෙ ඉන්නවා එතුමා ලැදි suppliers ලා ටිකක්. ඉතුරු ටික හිතාගන්න. පිනට ලැබු ජනාධිපති වාසනා.

:       3       3

asanka Sunday, 11 June 2023 09:53 PM

මෙයා පස් පාරක් හෝ හය පාරක් අගමැති වෙලා ඉදලා රටට මොනවාද කලේ කිසිම දෙයක් නැහැ හොදට සැප අරගෙන ගෝල බාලයන්ටත් හොදට සැප දුන්නා රට තව තවත් ණය කලා.

:       3       4

මොනවද කලේMonday, 12 June 2023 04:06 PM

රටට මොනවද කළේ? එකක් කියන්නම්. සුවසැරිය ගෙනාවේ තමුන්ද? තමුන්ගේ අප්පාද?

:       2       3

මැක්ස් Sunday, 11 June 2023 10:12 PM

අන්තවාදී ඉල්ලීම්වලට කන් නොදෙන අනුර මනතුංග වගේ කොන්ද පණ තියෙන රාජ්‍ය නිලධාරින් අයින් කරනවා. ඊට පස්සේ රනිල් මහත්තයා බොහොම ගව්රව කරන බටහිර රටවලට යනවා. ඉහල පිළිගැනීම් ලැබෙනවා. පරගලේ ජයග්‍රහණ තමා ඉතින්.

:       5       4

Perera Monday, 12 June 2023 01:29 PM

පිනා හිඟමනේ යනවා වගේ...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site