(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර රදගුරු නිවස වෙත ගොස් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් මහනුවර රදගුරුතුමන් බැහැදුටුවෙිය.
වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක්විය.
නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති මහනුවර රදගුරු හිමි බැහැ දකී
sam Saturday, 20 May 2023 08:06 PM
වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් තත්වයකට පත්කරලීමට ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන කිසිඳු දේශපාලකයකු උත්සාහ කරන්නේ නැත. දේශපාලකයින් ඡන්දය ලබාගැනීම පිණිස උතුරේ මෙන්ම කඳුකර දෙමළ ජනතාව රැවටීම කරනු ලබයි. උතුරේත් කඳුකර ද්‍රවිඩ ජනතාවටද මුහුණ දෙන්නා වූ ගැටළු සහ දේශපාලකයින්ගේ ගැටළු එකක් නොව දෙකකි. ජනතාව ඔවුන්ගේ ගැටළු සහ මූලික අවශ්‍යතාවයන් සඳහා විසඳුම් ඉල්ලා සිටියි. ඔවුන් නියෝජනය කරන්නා වූ දේශපාලකයින් ජනතා ගැටළු විසඳනවා වෙනුවට බලය බෙදීම් සහ තනතුරු වෙනුවෙන් පෙනී සිටියි. ඉදිරි මැතිවරණයේදී කඳුකර ද්‍රවිඩ ජනතාවට අලුත් කණ්ඩායමක් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනීසිටිනා සැබෑ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම පිණිස කටයුතු කළයුතුවේ.
ගමේ එකාලා Sunday, 21 May 2023 01:24 PM
මහනායක හිමිවරු වගේ අගරදගුරු තුමා අන්දන්ඩ බැරිවෙයි.