
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද ජනාධිපති මන්දිරයේ දේපළ මොනවා දැයි ස්ථිර වශයෙන් සහ නිවැරදිව තහවුරු කරගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව (ඉන්වෙන්ට්‍රි) ලබා දෙන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් අද (11) දැනුම් දුන්නේය.
ප්‍රචණ්ඩකාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිම හානියක් සිදුවී ඇත්තේ ජනපති මන්දිරයේ විවිධ චිත්‍ර සහ සිතුවම්වලට බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති මන්දිරයේ තිබී ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කරන ලද දේපළ මොනවා දැයි තහවුරු කරගැනීමේ මූලික පියවරක් ලෙස බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ශ්‍යාමිලා රාජපක්ෂ මහත්මියගේ මූලිකත්වයෙන් යුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එම භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුත්තක මේ දිනවල නිරතව සිටින බව පැවසූ මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් එම කණ්ඩායම විසින් තමාට ළඟදීම බාරදෙනු ඇතැයිද සඳහන් කළේය.
ජනාධිපති මන්දිරයේ කාමරයෙන් කාමරයට ගොස් එම භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යන බවත් කාමර වලින් සියයට 75 ක පමණ භාණ්ඩ ලේඛනගත කිරීම මේ වනවිට අවසන් කර ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනාධිපති මන්දිරයේ විනාශ වූ සහ නැතිවී ඇති භාණ්ඩ ලේඛනගත කිරීම කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෙරුණු ඉල්ලීමක් අනුවය.
ඒ අනුව එම භාණ්ඩ ලේඛනගත කිරීම අවසන් වූ වහාම ඒ පිළිබඳ වාර්තාවක් පොලීසියට බාර දීමටද කටයුතු කරන බව අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.
මේ අතර කොළඹ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්මාරක ලෙස මෙතෙක් නම් කෙරී නැතැයි වාර්තා වේ
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මන්දිරයේ භාණ්ඩ ලැයිස්තුව ඉල්ලයි
Demuni Uduwara Friday, 12 August 2022 06:28 AM
Inventory should be available since 1944 i.e. Since Governor General -Sir Henry Monck Mason Moore.
dimuthFriday, 12 August 2022 12:07 PM
Half of the inventory might have ended up in different politician's houses..
sharm warn Friday, 12 August 2022 11:23 AM
ඔක්කෝටම කලින් පුරාවිද්‍යා ස්මාරකයක් වත් නොවෙන මෙ ගොඩනගිල්ලෙ පුරාවිද්‍යා කට්ටියට වැඩ කරන්න වගකිමක් තියෙනවද? දෙවෙනි එක.. ඔන්න දැන් තමයි හිටපු රජවරු ගහපු ගැහිලි වහ ගන්න පුලුවන්.. සේරම හොරකම් අරගල ගිනුමට බැර කරල මැදමුලනෙ ගොබ්බයො අත හොද ගනියි.. රනිල් ඉන්නවනෙ බෙර ගන්න..