(විමුක්ති එස් රුද්‍රිගු)
වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවල පනවනු ලැබූ සීමා කිරීම් හේතුවෙන් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුණා. අද අපි මුහුණ දීලා ඉන්න ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන් මට විශ්වාසයි, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අවශ්‍ය වෙන්නේ අන්තර්ජාතික සහ අන්තර් කලාපීය සහයෝගීතාවයැයිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
"ශත වර්ෂයේ දරුණුතම වසංගතය වූ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝකයේ රටවලට දරුණු බලපෑමක් සිදු වෙලා, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට කෝවිඩ් වසංගතය හේතුවෙන් සිදු වූ බලපෑම විශාලයි.
ඉන්ධන මිල ඉහළ යාම, සැපයුම් සීමා වීම, ජීවන වියදම ඉහල යාම, කර්මාන්ත බිඳ වැටීම ,උද්ධමනය ඉහළ යාම කෝවිඩ් වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණ පෑමට සිදු වූ ප්‍රශ්නවලින් කිහිපයක්.
අප රටවල් සහයෝගයෙන් කටයුතු කිරීම තුලින් මේ වැටිලා ඉන්න ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඒ වගේම මම කියන්න වසංගතය හමුවේ සාමාජික රටවල් කිහිපයක් අපිට දීපු සහයෝගය සම්බන්ධයෙන් ස්තූති වන්ත වෙන්න ඕනේ. අද අපි අත්සන් කරන බිම්ස්ටෙක් ප්‍රඥප්තිය ආසියාතික රටවලට පමණක් වැදගත් වන එකක් නොවෙන්න අපි වග බලාගන්න ඕනේ.
පස්වෙනි බිම්ස්ටෙක් සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් එහි සභාපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවැසීය.
රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් අවබෝධතා ගිවිසුම් 3 අත්සන් තැබූහ. සාපරාධී කාරණා සම්බන්ධයෙන් කලාපයේ රටවල් තුළ නීති සහාය ලබා දීම පිළිබඳ සම්මුතිය, බිම්ස්ටෙක් තාක්ෂණික පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිව්සුම එම ගිවිසුම, රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතන පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධතා ගිවිසුම අද දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් 3 ට ඇතුළත් වේ.
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) 5 වෙනි සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
සාමාජික රටවල් හතේ රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගී වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි
වැඩේ අබිලික් Wednesday, 30 March 2022 05:12 PM
ඕක පටිගත කරන්න කලින් ඒ වැඩේ හරියට කරන හැටි කියා දෙන වීඩියෝවක් දැන් අන්තර් ජාලයට ඇතුල්කර තියෙනවා. හරිම විනෝද ජනකයි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිෂ්පාදනය කෙරුණු මේ වගේ වැඩසටහනක අතුරු කොටස් කොහොමද අන්තර් ජාලයට ගියේ කියලා සොයා බලන්න. උගතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන්න තමයි වෙන්නේ. ඒ කමිටුවේ සාමාජිකයින්ට ඒ වැඩේ කරන හැටි කියලා දෙන්න වීඩියෝකරණය පිළිබඳ කරුණු කාරණා දන්නා පුද්ගලයින්ගෙන් සමන්විත අනු කමිටුවක් පත් කරන්නත් අවශ්‍යයි.
Soma dubayi Wednesday, 30 March 2022 07:31 PM
විශිෂ්ට කතාවක් ජනාධිපතිතුමනි, ඔබතුමාගේ කතාවෙන් ලෝකෙට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා...