(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්ති අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත්, වත්මන් ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මුක්තිය හිමිවන බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් වෙයි.
ඒ අනුව ජනාධිපති ධූරය දරමින් සිටින ජනාධිපතිවරයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වගන්තිය සම්පාදනය කර ඇත්තේ රාජ්‍ය නායකයාට සිය නිල කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගත් අවස්ථාවේදි මෙම තීන්දුව ප්‍රකාශයට කෙරිණී.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසකි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමි වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළී ව්‍යාපාරික ජගත් විතානගේ, ශ්‍රි ලංකා නිතිඥ සංගමය, හෙන්රි මේරියන් අශේක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්, නාගානන්ද කොඩිතුවක්කූ, ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිටි, කසුන් පුස්සවෙල, පූජ්‍ය ඇගු`ථගල්ලේ ජිනානන්ද හිමි ඇතු`ථ පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ ඇත.
මෙම පෙත්සම්වල වැඩිදුර විභාගය ලබන 29 වැනිදා තෙක් කල් තැබිණී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතට