IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති පිලිපීන ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස්  (Ferdinand R.Marcos ) මහතා අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය (Malacanang Palace) වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය. 

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (8)

ජනපති පිලිපීන ජනපති හමු වෙයි

siri Thursday, 29 September 2022 02:23 PM

කීවේ නැද්ද "අපේ රටෙත් මිනිස්සුන්ට මතක තියෙන්නේ ටික කාලයක් විතරයි. ඔබතුමා කළා වගේ ලංකාවේත් එක්තරා පුතෙක් මතු යම් දවසක බලයට එන්න කට ඇරගෙන බලාගෙන ඉනවා" කියලා...

:       1       7

Rexi Thursday, 29 September 2022 02:56 PM

කිසිම වටිනාකමක් නැති නිව්ස් එකක්

:       3       3

Hafeel Thursday, 29 September 2022 03:26 PM

ජනතාව විඳින දුක ඔවුන් තුට්ටුවටත් ගණන් ගන්නේ නැහැ. ඇයි සාගලවත් මේ ගමනට එක්කගෙන ගියේ? ලෝකය වටේ මළ ගෙවල්වලට යනවා, එක එක්කෙනා හමුවෙනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ, කොහොමද රටේ ප්‍රශ්නය විසඳන්නේ කියලා...!

:       0       4

kamal Thursday, 29 September 2022 03:42 PM

බැලූ බැල්මට එක බඩවැල කඩාගෙන ආවා වගෙයි. මොකද දෙකම එක වගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රකාරයෝනේ...

:       0       5

විපරමා Thursday, 29 September 2022 04:22 PM

රටම බංකොළොත් කරලා පැනලා ගිය ඉමෙල්ඩා මාකොස්ගේ පුතා පිලිපීනයේ ජනාධිපති.. අපේ රටේ පින් ජනපතියාටම ගැළපෙනවා.

:       2       6

chandima Thursday, 29 September 2022 06:19 PM

ඔන්න ආදර්ශයට ගන්න දේවල්. හිටපු ජනාධිපති මාකොස් මිනිස්සු ගහලා එළෙව්වා. නමුත් ආයෙත් පුතා ජනාධිපති වුණා. අපේ රටේත් රාජපක්ෂ පැටව් ආපහු එන එක වළක්වන්න බැහැ.

:       3       5

ගලපර Friday, 30 September 2022 02:46 PM

පාට පාට සූට් මාරු කරකර රටින් රටට ඔහේයනවා. අනේ මන්දා රටට නම් ලැබිච්ච සත පහක් නැහැ. අයියෝ අපේ රටේ සල්ලි නාස්තියක්. මේ මොන විගඩමක්ද? මෙහෙ මිනිස්සු කන්න නැතුව බඩ පොත්තට ඇලිලා පොළවේ පස්කනවා ජීවිත් වෙන්න විදියක් නැතුව... අන්න IMF එකත් කියනවා. ඩොලර් දෙන්න බැහැ කියලා රටේ විකාර ආණ්ඩුවක් නිසා...

:       0       4

නිමේෂ් Friday, 30 September 2022 02:53 PM

මේ වගේ වැඩකට නැති සමුළුවලට ලෝකේ වටේ යන එක තමයි මෙයාගේ ආසාව, රටේ පවතින ඩොලර් අර්බුදය දැනෙන්නේ නැති තරමට හිරිවැටිලා ඉන්නේ..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site