IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති පදවිප්‍රාප්තිය අමතයි

පසුගිය ජනාධිපති වරණයේ දී තමාට ඡන්දය දුන් නොදුන් සියලු ජනතාවට ස්තූති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කොළඹ දී පැවැත්වෙමින් තිබෙන ජනලති පදවිප්‍රාප්ති සැමරුම් උත්සවය අමතමින් ප්‍රකාශ කළේය.

පසුගිය වසරක කාලය ත්‍රාස්‍යජනක විනොදාත්මක හා නොයෙකුත් අත්දැකීම් ලැබුණු කාලයක් බව ද ඔහු කීවේය.

තමා සිතන්නේ ඉදිරි පස් වසරක කාලය තුළ තමාට හිමි ස්ථානය නොව රටට හිමි ස්ථානය පිළිබඳව බවත් එතුමා කීවේය.

පසුගිය වසර ජනාවට නොපෙනුනත් එය ඔබ නොදකින ඔබට නොතේරෙන දෑ කරන්නට උත්සහ කළ වසරක් බවත් එතුමා කීවේය. 

පසුගිය වසරේ කොමිසන් සභා පිහිටුවීම ඇඟට නොදැනුනත් බඩට නොදැනුනත් එය රටට දැනෙන දෙයක් බවත් ඉදිරියට දූෂණය, වංචාව, නාස්තිය ඉවත් කර නූතන ශ්‍රී ලංකාවක් ගොඩ නගන බවත් එතුමා ජනතාව අමතමින් කීවේය.

රටේ යහපත වෙනුවෙන් හැමවිටම අභියෝගාත්මක හා අමාරු කටයුතු කළ යුතු බවත් ජීවිත පරිත්‍යාගයෙන් ඒවා ඉටු කිරීමට සූදානම් බවත් එතුමා කීවේය.

තමාගේ ජීවිත කාලයේ තමා වඩාත්ම සතුටට පත් වූයේ සියලු තනතුරු වලින් ඉවත් වූ පසුගිය නොවැම්බර් ඉමාසයේ බවද ඔහු පැවසීය.

 

 



අදහස් (0)

ජනපති පදවිප්‍රාප්තිය අමතයි

ගයාන් Friday, 08 January 2016 12:04 PM

අවුරුද්දක් ගියා දැනුනෙවත් නෑ.(හේ)

:       0       0

ශානක Saturday, 09 January 2016 02:15 AM

කරනවා කියපු ඒවා නම් තවම කළේ නැහැ (නි)

:       0       0

මහේෂ් Saturday, 09 January 2016 02:26 AM

‍කතාව දෝලාවෙන් වුණත් ගමන ඉබි ගමනේ නම් රට එතනමයි (නි)

:       0       0

වසන්ත Friday, 08 January 2016 09:41 PM

හොඳ කතාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site