IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති නිවෙසට ගිනි තැබූ අය හඳුනාගෙන

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 03 පස්වන පටුමගේ නිවසට  අයුතු ලෙස ඇතුළු වී එහි දේපවලට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගන ඇති ප්‍රධාන ක්‍රියාකාරීන් 14 දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

සිද්ධියේ නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් 14 දෙනාගේ ඡායාරූප අද මාධ්‍යවෙත මුදාහැර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්‍රධාන ක්‍රියාකාරීන් අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි.

අරගලයට සහය දක්වමින් ඉකුත් 9 දා දිවයිනේ  නන් දෙසින් කොළඹ පැමිණි අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලට ,අග්‍රාමාත්‍ය කාර්යාල, සිය ග්‍රහනය නතුකර ගැනීමෙන් පසු රාත්‍රි කාලයේ තවත් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ පෞද්ගලිත නිවස වෙත බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපළවලට අලාභ හානි කරමින් , ගිනි තබා විනාශ කර තිබුණි.

එම විනාශ කළ දේපළ අතර, ජනාධිපතිවරයාගේ නිවසේ වසර කිහිපයක් පුරා පවත්වාගෙන ගොස් තිබු පුස්තකාලය, පෞරාණික භාණ්ඩ හා චිත්‍ර ඇතුලු ඇතුලු දේපළ වන වන පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියෙන් අනතුරුව සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළ මෙම ඡායාරූපවල සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718594950, 0718594929, 0112422176 යන අංක ඔස්සේ වට්ස්අප් මගින් හෝ ඇමැතුම් මගින් දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටියි.



අදහස් (11)

ජනපති නිවෙසට ගිනි තැබූ අය හඳුනාගෙන

mahel Wednesday, 27 July 2022 05:07 PM

එයා ජනාධිපති වුණාට ඕක විතරක් අඳුරගෙන මදි. ගෙවල් 75 ක් පිච්චුවා මංකොල්ල කාලා, ඒ අපරාධකරුවන් අතරේ ඉන්නේ ජෙප්පන් පෙරේට්ටන්... අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ...

:       36       72

චන්දිකා Wednesday, 27 July 2022 07:31 PM

ඇත්ත. මුදුන් මුලයි, ශාඛා මුල්ටිකයි විනාශ කරලා දානකල් මේ පිලිල ජාති දෙක හැදුණු රට තව අවුරුදු 100කට වත් වයිමා ආවත් ගොඩදාන්න බැහැ.

:       11       37

Nandasena grThursday, 28 July 2022 05:42 AM

ඔන්න පපොලිස්පතිතුමා සාක්ශි.මෙි මනුස්සයා හොඳටම දන්නවාලු මේ ගිනි තැබීම් කරපු අයව.ඉතින් පොලිසියට කැඳවලා සාක්ශි සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන්න.බොරු කියලා තිබ්බොත් මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න

:       1       0

Kule Wednesday, 27 July 2022 06:12 PM

යුද්දය කාලේ මෙයලෙවෙ යුද්දෙටයි යවන්න තිබුණේ. ඒ තරමටම ජාත්‍යාලය උතුරනවා.

:       6       43

Cisco Wednesday, 27 July 2022 06:48 PM

ඒත් සමගම මැයි 9 නිරායුධ අයට ගහපු සහ ගහන්න උසිගන්වපු අයටත් නීතිය ක්‍රියාත්මක වුණා නම්...

:       19       44

Prase Wednesday, 27 July 2022 06:48 PM

ස්ටාලින් ගැනත් සැකයි.. ඔහුවත් ගත්තොත් හොඳයි...!

:       16       42

ruchiraniWednesday, 27 July 2022 10:51 PM

ඔව් ඔව් මම දැක්කා වාසුදේවත් තාප්පෙන් බඩගානවා , තව කතානායකත් හිටියා , එයාතමයි පන්දම ඇල්ලුවේ.

:       2       3

Santhu Wednesday, 27 July 2022 09:10 PM

මේ තියෙන්නෙ පැහැදිලවම. රටේ නෙවෙ ලෝකයේම කීදෙනෙක් හඳුනනවා ඇත්ද, අපි නොදන්න උනාට. දුටු තැන අල්ලනු. එවෙලෙම දන්වනු.

:       0       3

chandima Wednesday, 27 July 2022 10:13 PM

ඔය පාර්ලිමේන්තුවේම ඉන්න සමහරු නම් දන්නවා ඇති ඒ කවුද කියලා...?

:       0       0

Piyal Thursday, 28 July 2022 10:27 AM

මේක පට්ටපල් බොරුවක්.මේ ඒගොල්ලන්ගෙම කට්ටියනේ.ඒගොල්ලන්ගෙම කට්ටිය දාලා ගිනිතියාගෙන.

:       4       5

Bamunuarachchi Thursday, 28 July 2022 02:37 PM

කරාබු කාරයෝ, කොන්ඩ ඇති අය, කොන්ඩ නැති අය මේ තමයි රට හදන්න ඉල්ලන අය අනුරට උඩු රැවුලයි යටි රැවුලයි කුරුටුගාමිය තට්ටේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site