IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති නැවත ජය ගෙන උතුරේ ගැටලු විසඳාවි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී  සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා  පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදු විය.

ජනාධිපතිවරයා එහි ගියේ සේනාධිරාජා මහතාගේ ආරාධනයක් අනුවයි.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේ දී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු සහ  උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවයි. 

එළැඹෙන ජනාධිපතිවරණයේ දී නැවක විධායක ජනාධිපතිවරයා ලෙස තේරී  පත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට මහඟු වගකීමක් පැවරි ඇති බවද සේනාධිරාජා  මහතා පෙන්වා දුන්නේය. 

එසේම යුද්ධයෙන් විනාශයට පත් ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග  දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.



අදහස් (4)

ජනපති නැවත ජය ගෙන උතුරේ ගැටලු විසඳාවි

සෙනෙවිරත්න Sunday, 08 September 2024 12:25 PM

ඔයි වයසක උන්නැහෙල කියන ඒව කවුරුත් පිළිගන්නෙ නැහැ, සාමාන්‍ය ජනතාව දන්නව වෙනසක් අවශ්‍ය බව.

:       0       0

Rata Perata Sunday, 08 September 2024 01:17 PM

දකුණේ දේශපාලුවෝ අවුරුදු 76 ක් ජනතාව රවටපු එකම තමයි උතුරේ දෙස්පාලුවොත් කරන්නේ . පව් අපේ රටේ අසරණ මිනිස්සු

:       0       0

විපරමා Sunday, 08 September 2024 01:59 PM

දේසපාලුවෝ චන්දේ කාලෙට මොනතරම් බොරු බේගල් ගහලා ජනතාව රවට්ටනවද කියලා පහුගිය කාලවල අපි අත්දැකීමෙන් දන්නවා .

:       0       0

ගමේ එකාලා Monday, 09 September 2024 11:30 AM

මෙයා ඉන්න විදිය දැක්කම මොකුත්ම කරගන්ඩ බැරි බව පේනවා. එක්ස්ෆයර් වෙලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site