
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අද (06) හමුවිය.
ශ්‍රී ලංකා රජයේ ජාතික පරිසර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය.
අන්තෝනියෝ ගුටේරස් මහතා විසින් 1978 වසරේ සිය පළමු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මතකයන් සිහිපත් කරනු ලැබුවේය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසරය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද ඊට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ජගත් මහලේකම් හමුවෙයි
sanja Sunday, 06 November 2022 08:59 PM
රටක් වළදාපු තර්ඩ් ක්ලාස් පොරක් කියලා හිතන්න ඇති.
Hafeel Monday, 07 November 2022 02:31 PM
මෙම සංචාරයට ඇමති හාෆිස් නසීරුත් ගිහින්. දැන් ඇවිල්ල ලොකු බොරුවක් කියාවි ඊජිප්තුවේන් ලංකාවට දිගු කාලීන ණයට ඉන්ධන ලැබනවා කියල. දැන් මාස දෙහකට පෙරත් ඔහු සෞදි අරාබියට ගිහින් ඇවිත් මෙහම බොරුවක් කිව්වා. කටාර් රටට ගිහිල්ලත් වැඩක් වුනේ නැහැ. නිකම්, අනවශ්‍ය ඩොලර් නාස්ති කරන එක පමණයි වෙන්නේ.