
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දුන්නේය.
මේ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිවේදනය දැනටමත් සකස් කර අවසන් බවයි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද (25) පෙරවරුවේ රැස්වීමට නියමිතය.
ජනාධිපතිවරණයට අදාළ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඇඟිලි සලකුණු කිරීමේ තීන්ත, ලිපි ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ඡන්ද දිනය හෙට රෑට
Deepal Nirosh Thursday, 25 July 2024 09:25 AM
අනේ සර්, මැඩම්,... විශ්‍රාමික අයට රු 3000/= ක දීමනාවක් ඊයෙ දෙනවා කිවිවා, පසුගිය ආපදා සමයේ රාජකාරිවලට එන්න බැරි වෙච්චි අයට විශේෂ නිවාඩු දෙනව කියල අද කිව්වා, ඉතින්.. ඉතින්.. මේ අපටත් මොනව හරි සොච්චමක් ඉල්ලගන්න පුළුවන් මේ අවස්ථාවේ ඔය ගැසට් නිවේදනය පොඩ්ඩක් ප්‍රමාද කොරන්න බැරිද? පින් සිද්ධ වෙයි, අපටත් අනුකම්පා කරන්න.
fairoos Thursday, 25 July 2024 11:39 AM
තීන්ත ඉවරයිලු .ගැසට් එක අද ප්‍රින්ට් කරන්න බෑ
නිමල් Thursday, 25 July 2024 06:13 PM
මගුලක් තමයි. ඇමෙරිකාවේ වගේ ඔය දිනේ ව්‍යවස්ථාවට දානවලා...