
(අංජුල මහික වීරරත්න)
කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDH රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර අනතුරුව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් මෙම උපදෙස් ලබා දුන්නේය.

2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ගංවතුර පීඩා බලන්න යයි
SUNIL MILANO Monday, 03 June 2024 03:06 PM
සමාජවාදි ජනතා විමුක්ති පෙරමුණ පුදුම විදිහට බැහැල වැඩ කරන්නෙ. දුප්පතාගේ හිතවතුන්නෙ. නොදකින් විතරක්
GAMA VARESE Monday, 03 June 2024 04:30 PM
කවුරු හරි දැකල තියෙනවාද කාලකණ්නි අපත ජෙප්පන්. විපතට පත් ජනතාවට එක පාන් කෑල්ලක් දෙනවා දැකලා තියෙනවාද?
WijekonMonday, 03 June 2024 05:41 PM
එහෙම එකක් වුණොත් ඉතින් ඉන්දියන් සාගරයේ ජලය සියල්ලම අයිස් බවට පත්වේලා අපිටත් ඇස්කිමෝලා වගේ ඉන්න වේවි..!