(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී.කපිල)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවර අද 06 දා සිට 18 දා පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊජිප්තු නිල සංචාරයේ මූලික අරමුණයි.
ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් සහ මෙරට මෙන්ම ලෝක දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනයේදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සිව්දින සංචාරයේදී ඊජිප්තු ජනාධිපති ආබ්දල් ෆැටා එල් සිසි ( Abdel Fattah Sissi) සහ අග්‍රාමාත්‍ය මොස්තාෆා මද්බව්ලි (Modtafa Madbouly) මහත්වරුන් හමු වී සාකච්ඡා පවත්වනු ඇත.
ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය නිම කර නොවැම්බර් 10 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ඊජිප්තු සංචාරයට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද සහභාගී වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ඊජිප්තු යයි
fairoos Sunday, 06 November 2022 01:35 PM
නිකන් සල්ලි නාස්ති කිරීමක්... ඕක සූම් තාක්ෂණයෙන් කරානම් ඉවරයි.
Kumara Sunday, 06 November 2022 01:51 PM
මේ අය එන්නේ හිඟාකන්නයි. ණයට මුදල් නම් දෙන්න එපා. මෙයයි, මයිනයි කළේම ණයට ගත්තු සල්ලි හොරා කාලා ඔවුන් අතිසුපිරි ජීවිතයක් ගතකළ එකයි කළේ... අපේ සල්ලි වලින් ඔවුන්ගේ ගෑණුන්ට, දරුවන්ට සුරසැප දෙනවා.
Rexi Sunday, 06 November 2022 03:18 PM
එහෙන් ණයට කඳුළු ගෑස් ඉල්ලයි, වෙන මොනවා කරන්නද? පිනට ලෝකෙ වටේ යනවා.
මෝ Sunday, 06 November 2022 03:44 PM
මෙයාගේ විනෝදාංශය ඕක තමයි. පංසලක කඨිනෙකට වුණත් පිටරට නම් මෙයා යනවා. රටේ වැඩ ගැන ගානක්වත් නෑ. රටේ ජනතාව දැන්වත් අවබෝධ කරගත යුතුයි. ජාතියක් අවදිකළ හැකි කොන්දක් ඇති නායකයෙක් රටට අවශ්‍ය බව...
අංගොහාමිSunday, 06 November 2022 05:07 PM
මෙයා ඇරෙන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔහු කවුද කියන්න තර්ජනාංගුලිය ඔසවන කෙනාත් ලපෙත් එතරම් හැකියාව ඇති අය නොවෙයි. රාජපක්ෂලා කිසිවෙකුටත් එහෙම හැකියාවක් නැහැ...
Rexi Sunday, 06 November 2022 04:25 PM
මට රකින්න පරපුරක් නැහැ. ඇත්තේ රාජපක්ෂ පරපුර පමණයි...