IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති ඉන්දියාවට යයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා යටතේ තිබෙන අමාත්‍යාංශයන්හි වගකීම් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින  කාලසීමාවෙි දී  රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසද, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසද පත් කර ඇත.



අදහස් (4)

ජනපති ඉන්දියාවට යයි

sam Thursday, 20 July 2023 02:41 PM

ඉන්දියාවේ දෙදින නිල සංචාරදී ද්‍රවිඩ දේශපාලකයන් ඔවුන්ගේ ජනතවගේ මුලික අවශ්‍යතා පිලිබදව නොව දේශපාලකයන් වඩාත් උනන්දු වන්නේ බලය බෙදීම පිලිබදව පමණක් බව ඉන්දියාවට දැන්විය යුතුව්, ද්‍රවිඩ ජනතවට බලපාන ගැටළු පිලිබදව මොවුන් රජය සමග එක්ව ඔවුන්ගේ ගැටළු විසදීමට කට යුතු නොකරන බවට ජාත්‍යන්තරය වෙත ගොස් බලය බෙදීම පිලිබදව අදහස් දක්වන බවටත් පවසා ඉන්දියාවටද සත්‍ය ත්වය / ඔවුන්ගේ දෙබිඩි අවස්ත්වාදී පිළිවෙත පැහැදිලි කරදීම වැදගත්වේ. පාර්ලිමේන්තුවට පත්වූවද රජය සමග එක්ව කටයුතු කටයුතු කිරීම පහර හරිමින් විපක්ෂයේ සිට කටයුතු කිරීම මොවුන්ගේ ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත. ලංකාවේ බලය බෙදීම යනු නැවත ද්‍රවිඩ දේශපාලන සහ කල්ලි කණ්ඩායම් බිහිවී නැවත ඔවුන් අතර බලය වෙනුවෙන් සටන් / මිනීමැරුම් ඇතිවීම පමණක් නොව පොලිසිය සහ හමුදාවන් වෙත චෝදනා එක්ල්ල කිරීම් සහයුද්දය නැවත දකුණට පැමිණිද සිදුවනු ඇත.

:       0       0

sam Thursday, 20 July 2023 02:42 PM

පාර්ලිමේන්තුවට පැමිණ ඇමති තනතුරු ලබාඅ ඔවුන්ගේ පුරවසියන්වෙත සේවය කිරීමට මොවුන්ට තිබෙන බදාවන් නොමැතිබව ඉන්දියාවට පැහැදිලි කරදිය යුතුවේ, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දේශපාලන අවශ්‍ය තත්වයන් නිසා සමස්ත ශ්‍රී ලංකික ප්‍රජාවම අනතුරට පත්වීමට / නැවත අවස්තවක් ලබානොදීමට කටයුතු කලයුතු වෙමු

:       0       0

sena Thursday, 20 July 2023 04:22 PM

එනකොට මොනා ඉන්දියාවට දීලා එයිද දන්නේ නැහැ

:       0       0

Rata Perata Friday, 21 July 2023 03:00 AM

කොට වජිර ඕක දන්නවනම් කියාවි රනිල් ට ඉන්දීයාවේ අගමැතිකම ගන්න කියලා මෝදි බල කෙරුවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site