
(අංජුල මහික වීරරත්න)
එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (22) සහභාගී වෙමිනි.
අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ජනාධිපතිවරයා වැඩ බාර ගත්තේය.
යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත් ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බව අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ බාර ගනී
don Friday, 22 November 2024 07:07 PM
රටේ සියලුම ජනතාව රාජ්‍ය සේවකයන්ද, ඇතුළුව ජනපතිගේ මේ අරමුණ ඉටුකිරීමට සම්පූර්ණ සහයෝගය පලකළ යුතුයි.
chandima Friday, 22 November 2024 09:41 PM
සමහරුන්ට පොටෝ ගන්නවා කිව්වාම ජනාධිපති කියන දේවත් මතක නැහැ.
Nishan Saturday, 23 November 2024 06:54 AM
උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනවද? උතුරේ ප්‍රභාකරන් සැමරීම පිළිගන්නවාද? කරුණාකර කියන්න.