IMG-LOGO

‘‘ජනපති - අගමැති තනතුරින් යා යුතුයි‘‘ - විශේෂඥ වෛද්‍ය සංගම

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවිලන් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම මත මෙම තීන්දුව ගත් බව ද විශේෂඥ වෛද්‍යරවුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉහත තීන්දුව ඒකමතිකව සම්මත කරගත් බව ද ඔහු පැවැසීය.



අදහස් (10)

‘‘ජනපති - අගමැති තනතුරින් යා යුතුයි‘‘ - විශේෂඥ වෛද්‍ය සංගම

මැක්ස් Monday, 25 April 2022 02:18 PM

රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාව අනුව එහෙම කරන විදිහත් කිව්වා නම් දොස්තර මහත්තයෝ... රාජිතගෙන් අහලා හරි කමක් නෑ... එසේම, ආර්ථික අර්බුදයක් ඇතිවෙයි කියලා පුරෝකථනය කරලා තියෙද්දිත්, අප වැනි රටවලට කිසිසේත්ම ඔරොත්තු නොදෙන "රට වසා දැමීමකට" යන ලෙස ආණ්ඩුවට බලකළ මෙවැනි අයත් වර්තමාන තත්වයට වගකිව යුතුයි...

:       47       28

buddikaMonday, 25 April 2022 03:06 PM

නීතිය, ව්‍යවස්ථාව අනුවද හොරකම් කළේ? මේ රට බංකොළොත් කළේ නීතියට අනුවද?

:       13       35

RanjaMonday, 25 April 2022 05:11 PM

අනිවාර්යයෙන්... මොවුන් මේ අර්බුදයේ කොටස්කරුවන්... දැන් බයිලා කියවනවා. රට වැහුවොත් වෙන දේ ගැන ආර්ථික එක්ස්පර්ට්ලා කියද්දිත් මෙයාලා තමයි කුලප්පු කරලා රට වැහුවේ..!

:       9       8

Kanthi Monday, 25 April 2022 02:45 PM

ජනාධිපති, අගමැති ඇතුළු සියලුම රාජපක්ෂලාව රටේ මහජනතාවට එපාවෙලා තියෙන්නේ. මේ අයට මහජනතාව යන්න කියලා තිබෙද්දීත් කූඩැල්ලන් වගේ එල්ලීගෙන ඉන්නවා...

:       12       51

Rata Perata Monday, 25 April 2022 02:46 PM

අනිවාර්යයෙන්ම...!

:       10       39

saman Monday, 25 April 2022 02:58 PM

රටේ ආර්ථිකය කෑමට දායක වුණු පප්පලාට එහෙම කියන්න අයිතියක් තිබේද?

:       9       14

sene Monday, 25 April 2022 03:51 PM

සල්ලි කෑදර මේ අය ජනතාවට හෙන ගැහුවත් චැනල් ගාස්තු ආයෙත් වැඩි කරගෙන... ජනතාවාදී ආණ්ඩුවකින් මේ අයගේ මේ අසාධාරණ අයකිරීම් සීමා කළ යුතුයි. ඉගෙන ගන්නෙත් ජනතා මුදලින්...!

:       4       21

විපරමා Monday, 25 April 2022 04:25 PM

බලලෝභී, දූෂිත පවුල් පාලනේ තුරන්කළ යුතුමයි. මුළුමහත් ජනතාවම විතරක් නෙවෙයි පිටරට ජීවත්වෙන ලාංකිකයින් පවා එක හඬකින් කියා සිටින්නේ ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු මේ අයට ඉවත්වෙන ලෙසයි...

:       5       24

නූ වන් Wednesday, 27 April 2022 04:12 PM

වෛද්‍යවරුන්ගේ තීරණය ඉතා පිළිකුලින් යුතුව හෙලා දකිනවා. වෛද්‍යවරු දේශපාලනීයකරණය වීමෙන් වැලකී තමන්ට පැවරී ඇති රටේ වගකීම ඉටුකරදෙන මෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.

:       0       0

නූ වන් Wednesday, 27 April 2022 04:17 PM

වෛද්‍යවරු මේ මොහොතේදී දේශපාලනීයකරණය වීමෙන් වැළකී සිටීම යහපත්... තමන්ට පැවැරී ඇති වගකීම් කොටස ඉටුකර දෙමින් අපක්ෂපාතීව සිටිනා ලෙස ඉල්ලා සිටිමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site