IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති - කුවේට් අගමැති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර  හමුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කුවේට්  අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර,  ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද  සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  කුවේට්  අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතාට ස්තුතිය පළ කළේය.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 155,000ක් පමණ සිටින අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක විදේශ ප්‍රේෂණයක් රටට ලැබෙන බවද එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටී.



අදහස් (3)

ජනපති - කුවේට් අගමැති හමු වෙයි

R. T. sarath Wednesday, 12 February 2025 01:50 PM

ජනාධිපතිතුමනි ඔබතුම විදේශ ගතවෙලා කෙටි කාලයක් තුල සමුළුවේදී රාජ්‍ය නායකයෝ විශාල සංඛ්‍යාවක් හමුවෙලා ලංකාවට ආයෝජන ගෙන එන්න දරන උත්සාහයට මම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඉතා ස්තුති වන්ත වෙනවා , නමුත් ඔබගේ ආණ්ඩුවේ කර්මාන්ත නියෝජ්‍ය චතුරංග ඇමති මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනව ලබන අයවැයෙන් කර්මාන්ත කරුවන්ට බදු අඩු කරන්නේ නැතිලු , සහන දෙන්න බැරිලු , කරුණාකර මේ බුරුවාට කියන්න කට වහගෙන ඉන්න කියල , ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැති මේ බුරුව දේශපාලනේ දන්නේ නැහැ ,

:       4       19

de silva berlin Wednesday, 12 February 2025 05:34 PM

ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරන්න විදේශ ආයෝජකයින් එන්නේ නැහැ. ඒකට හේතුව පහුගිය කාලේ දේශපාලන ඕනේ එපාකම් මත පැවැති රජයන් විසින් රජයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ බඳවා ගත්තා. ඔවුන්ට කරන්න වැඩක් නැති නිසා සහ පගාව ගන්න පහසුවෙන්න ඔවුන් විසින් අනවශ්‍ය පනත් විශාල සංඛ්‍යාවක් කෙටුම්පත් කරලා දුන්නා. 8 සමත් දේශපාලකයින් මේ වගේ කිසිම බරපතලකමක් නොදැන ගිරව් වගේ මේවා පාර්ලිමේන්තුවේ කියවලා සම්මත කළා. දැන් තිබෙන ප්‍රශ්නේ ආයෝජකයෙක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගොඩනැගිල්ලක් හදන්න යනවා කියමු. එයා ආයතන 5 කින් පමණ අනුමැතිය ගන්න ඕනේ. මේවා කරන්න පගාව දෙන්න ඕනේ.. එහෙම නැත්නම් එක ආයතනයක මාස 3 පමණ රස්තියාදු වෙන්න ඕනේ... විදේශ ආයෝජකයෙකුට, විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට තබා ලංකාවේ සිටින කෙනෙකුටත් මේවා කරන්න වෙලාවක් නැහැ. මෙම විකාර බහුභූත නීති රීති නිසා මුළු රටේම ආර්ථිකේ හිරවෙලා තිබෙන්නේ... මුලින්ම ජනාධිපතිතුමනි, මේ නූල් බෝලේ ලිහලා සිටින්න ඕනේ... ඔබතුමා ඡන්දෙට කලින් යුරෝපෙට ආපු වෙලාවේ අපි මේ ප්‍රශ්නය ගැන ඔබතුමාව දැනුවත් කළා. ඔබතුමාත් මේක පිළිගත්තා, දැන් ක්‍රියාත්මක වෙන්න කාලේ ඇවිත්...

:       0       5

රුවන් Thursday, 13 February 2025 12:07 PM

මැදපෙරදිග තෙල් සංචිත අඩු වෙනවා, ඒ අයගේ ධනය ආයෝජනය කරන්න දේවල් හොයනවා. මන්ද මැදපෙරදිග ආර්ථිකය 2050 වෙද්දී හැකිලීමට පටන් ගන්න බව ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන නිසා. මේ වගේ අවස්ථා අත්හරින්න හොද නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13522 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 114 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site