(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත් විණි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා මානව සම්පත් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් විමසා බැලීම මෙහිදී සිදු කෙරුණු අතර ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහ ඖෂධ ප්‍රමිතිගතකරණයට අදාළව මතුව ඇති අභියෝග පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි
ගුණරත්න Friday, 06 June 2025 07:47 PM
ප්‍රගතිය? අත්‍යාවශ්‍ය බෙහෙත් නැහැ...!