(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
භාණ්ඩාගාරයේ මුදල් සාංඝික දේපොළ සේ රකින බවට ජනපති දුන් ප්‍රතිඥාවට අනුවම රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා රජය මූලික අවධානය යොමු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මේ මූල්‍ය ප්‍රකාශයේ ඉලක්ක හරියට සඳහන් කර නැතැයි විපක්ෂය කිව්වා. ඉලක්ක තිබෙන නමුත් ඒවා පෙලගස්වා නැතැයි තවත් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් කිව්වා.
ඊටත් වඩා හාස්‍යයට ලක් වන කරුණ වන්නේ තවත් මන්ත්‍රීවරයෙක් මේ ප්‍රකාශය ගැන මුකුත් කියන්නේ නැතිව ජනාධිපති පත්කළ කමිටුවක් ගැන කියවීමයි.
විපක්ෂයේ උදවිය නින්දෙන් අවදි වෙලාද කියලා මේ කතා අහගෙන ඉන්න කොට හිතෙනවා. දැන් විපක්ෂය ඉදිරිපත් කරන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් ප්‍රකාශ.ඔවුන් දශක ගණනාවක් මේ රටේ පාලනයට දායක වී අත් කරදුන් අර්බුදය ගැන අපට ඉතා හොඳ අවබෝධයක් තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජනපති දුන් ප්‍රතිඥාව එහෙමම රකිනවා
යෝගා Monday, 30 June 2025 03:03 PM
මෙයා නේද ඇමති වුණාට පස්සෙත් විශ්ව විද්‍යාලයෙන් පඩි අරන් මාට්ටු වුනේ? මේ හලෝ, භාණ්ඩාගාරයට එන්න තියෙන ආදායම් අහිමි කිරීමත් වංචාවක් තමයි. කන්ටේනර් 323 සිද්ධිය මතක් කරගන්න...