IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

 

 



අදහස් (7)

ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි

upul Wednesday, 11 June 2025 11:19 PM

යාළුවන් දුන්න එකක් වගේ නෙවේ මේ ඇඳුම... හිල් නැති එකක් නේද ඇඳන් ගියේ...? හරිම ලස්සනයි.

:       0       0

Toni Wednesday, 11 June 2025 11:25 PM

අන්තිම පින්තූරය දකිද්දී මට හිතුණා... දුන්නු බේගලයක් මෙන්න සයිස් එක කියන ගමන්...

:       0       0

Jagath Thursday, 12 June 2025 12:59 AM

පින්තූර ටික බලද්දී ඡන්දෙ දීපු අයගේ අමනකම හිතාගන්න පුළුවන්..

:       0       0

Rosit Thursday, 12 June 2025 11:24 AM

මේවා දැක්කම සතුටුයි අපේ ජනාධිපතිතුමත් කලින් හිටපු අපේ රාජ්‍ය නායකයන් වගේම විදෙස් රටවලට ගිහින් අපේ රටට සුදුසු දේවල් ගැන සෙවීම කරන නිසා. උදාහරණයක් වශයෙන් ප්‍රේමදාස මහතා අගමැති සහ නිවාස ඇමති කාලේ නැගෙනහිර ජර්මනියේ සංචාරයකින් පසු දුටු දේවලින් උදා ගම් සංකල්පය ක්‍රියාත්මක කළ බව එතුමා කිව්වා. ඒ වගේ ඉදිරියටත් රටේ අනාගතය ගැන සිතා බලා විදෙස් සංචාරවලින් රටට යහපත් දේවල් කරනවානම් අපිත් කැමතියි.

:       1       3

අරවින්ද මොණරවිල Thursday, 12 June 2025 11:48 AM

ජාත්‍යන්තර සම්බන්ධතා නැති සුද්දෝ අදුරන්නේ නැති අනුර කුමාර ජර්මනියට ගිහිල්ලා මොනවද කරනවාද කියලා කල්පනා කරන ස.ජ.බ පොහොට්ටු අනුගාමිකයන්ට මේවා දැක්කම මොනවා හිතෙනවා ඇතිද අපේ හාමුදුරුවනේ !

:       4       3

තඹුත්තේගම තනි සිග්නල් කනුව ගාව කමල්Thursday, 12 June 2025 05:54 PM

හිතුණා, මම කාලෙකට ඉස්සර සීගිරිය පැත්තේ ටොපි, චොකලට් විකුණන කොට, ආපු ජර්මනියේ සුද්දෙක් ඒ රටේ ජනාධිපති වෙලා නේද කියලා, මගේ පරම්පරා කුට්ටමත් මෙයාට නේද මම සින්න වෙන්න ඇරියේ කියලා..!

:       0       1

chandima Thursday, 12 June 2025 06:06 PM

රනිල්ට විතරයි ටයි, කෝට් අඳින්න දන්නේ කිව්වට තඹුත්තේගම කොල්ලොත් ඔය යස අගේට ඇඳගෙන යන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1329 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 492 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 588 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site