(අංජුල මහික වීරරත්න)
ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලෝකයට ඉතා වැදගත් කාරයභාරයක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජපානයේ ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.
ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් පවතින බව කී ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළෙඳ ඒකාබද්ධතාවය එම ප්‍රධාන අභියෝග වන බව පැවසීය.
ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ සහ විවිධ දේශපාලන පද්ධති සහ නිර්වචනවලට ගරු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
COMMENTS
ආසියාවේ බුද්ධිමත්ම නායකයෙක්
ආසියාවේ බුද්ධිමත්ම නායකයා
ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ...!
ඡන්දෙ තියන්නේ නැති, මානව හිමිකම් කොමිසමේ නියෝග ඉල්ලීම් සත පහකට ගණන් ගන්නේ නැති, පින්පති වෙන රටවලට ගිහින් මානව හිමිකම්වල අගය ගැන දේශනා කරනවා. අනේ මන්දා මේවා අහන් ඉන්න මිනිස්සු අඩුම ගානේ කියන මනුස්සයා කොහෙන්ද එන්නේ කියලාවත් හොයලා බලනවාද කියලා...
කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදේ... ලෝකයට පරකාසේ, ගෙදරට මරගාතේ...
ඒ නිසාද ඔහු මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා කළේ? රනිල් දන්නේ ලාබ ලබන රාජ්‍ය ආයතනවල් විකුණන්නත්, පුද්ගලික කරන්නත් මිස ඔහුට කිසිම ආයතනයක්වත් ගොඩ දාන්න දැනුමක් නැහැ...
අනාගතයේදී කරන බවත් මෙතෙක් කිසිවක් කරලා නැති බවත් ඔප්පු කරපු ආසියාවේ මහල්ලා...