(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ දකුණු පළාත් වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයැදුම්පත් බාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට ජනාධිපති අරමුදල පියවර ගෙන තිබේ.
ඒ අනුව, මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු සහ ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරින් වෙනුවෙන් සිදුකරන විශේෂ පුහුණු වැඩමුළු මාලාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර එය පසුගිය දා උතුරු පළාතෙන් ආරම්භ කෙරිණි.
එහි තුන් වන අදියර ලෙස දකුණු පළාත් වැඩසටහන අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් සිල්වා මහත්වරු ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල විෂය නිලධාරීහු 100කට අධික පිරිසක් සහ ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපති අරමුදල ගමට ගෙනියන හැටි මාතරට උගන්වයි