IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක

(අංජුල මහික වීරරත්න)

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ  සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි ‍නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි.

අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයා කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය.

අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය  ඇගයීමට ලක් කළේය.



අදහස් (10)

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක

Prabha Saturday, 20 April 2024 04:37 PM

ගියා බැලුවා කියන්නේ විකුණනවා කියන එක....

:       17       39

achini Saturday, 20 April 2024 04:40 PM

මේ පාර නම් නියම සයිස් එකට කලිසම් අරගෙන වගේ...!

:       15       25

bandu Saturday, 20 April 2024 07:15 PM

ඔබේ අය හොඳින් කරනවා නේද?

:       0       3

N A J Wickramasekara Saturday, 20 April 2024 09:19 PM

ජනාධිපති 2025...!

:       6       7

Lalla Saturday, 20 April 2024 10:45 PM

අඹේවෙල කිරි ගොවිපල පෞද්ගලික අංශය නොවේද පාලනය කරන්නේ...?

:       0       3

Perera Sunday, 21 April 2024 06:28 AM

මෙයා හරක් බලන්න තමයි හරියන්නේ...!

:       3       10

sahan Sunday, 21 April 2024 08:18 AM

ඔක්කෝටම කළින් මේ අයට කියන්න ඕනෑ හරක් රජාට ආචාර කරන විදිහ...

:       3       4

Kazi Shajahan Sunday, 21 April 2024 11:39 AM

ඔය මනුස්සයා මොකක්හරි දැක්කොත් විකුණන් කන්න බලන්නේ... පරිස්සමෙන්... වැඩිය හොඳ තැන් පෙන්වන්න එපා.

:       1       7

DHARMATILEKE, Nihal Sunday, 21 April 2024 02:30 PM

සර් එතැන 134ක් හිටියා නේද? දැක්කද?

:       0       6

Chandima Monday, 22 April 2024 12:13 AM

කිරි හරකුන්ටත් ඡන්ද බලේ දෙන්න වගේ යන්නේ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 132 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 52 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 342 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 196 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 508 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 274 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1902 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1687 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site