IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

ජනාධිපතිවරුන් එසේ කටයුතු කරනවිට ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට එසේ කටයුතු කිරීම මගහැර යා නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

වික්‍රමරත්න මහතා මෙසේ පැවසුවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමිනි.

එරාන් වික්‍රමරත්න මහතා මෙසේද සඳහන් කළේය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. රටක් වෙනස් වන්නේ නීති සම්පාදනයෙන් පමණක් නොවෙයි. ආදර්ශයත් වැදගත්. වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියලා වත්මන් ජනාධිපතිතුමා ගෙන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු ජනාධිපතිවරුන් දෙන්නකු මේ සභාවේ ඉන්නවා. එතකොට ඇමතිවරුන්ට නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ටආදර්ශයෙන් ම ඒක කරන්න වේවි. රටක් වෙනස් වන්නේ එහෙමයි. දූෂණය නැති කරන්න බෑ. අවම කරන්න පුළුවන්. රට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්.

 



අදහස් (11)

ජනපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට?

ධර්මදාස සිරිවර්ධන. Friday, 26 May 2023 12:12 PM

ඉතා හොඳයි. කාගෙත්ම ඒවා එළියට දාන්න.

:       1       23

prasanna Friday, 26 May 2023 12:23 PM

ලංකාවේ ණය ට්‍රිලියනය ගැන හිටපු ජනාධිපති ගණනෙන් බෙදුවාම එක් අයෙකුගේ වත්කම්වල වටිනාකම හොයාගන්න පුළුවන්... ගොඩක් සරල ගණිතය...

:       4       15

sankaFriday, 26 May 2023 10:21 PM

ඕකට කියන්නේ මෝඩකම මිසක් සරල ගණිතය නෙවෙයි...

:       0       0

සාලිය​ Friday, 26 May 2023 12:31 PM

ජනපති වෙන්න ඉදිරිපත් වුණු, ඉදිරිපත් වෙන අයගේත් විස්තර දෙනවා නම් හොඳයි.

:       1       8

Nimal Friday, 26 May 2023 01:04 PM

වත්කම් හොයපු විදිහත් දාන්න. කරපු රස්සාවල පඩියයි, වෙනත් ආදායම් මාර්ග තිබ්බා නම් ඒවයි වශයෙන්... එතකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්.. හරිම සරලයි.

:       1       9

ගුණසිරි Friday, 26 May 2023 01:14 PM

වත්කම්, බැරකම් ප්‍රකාශ ගැනීමට නියම කිරීම විතරක් මදි. සෑම වසරකම මුල් කාර්තුව වනවිට නොදී සිටින අය සම්බන්ධයෙන් කිසියම් දඬුවමක් වත්මන් මුදලේ වටිනාකම අනුව නියම කරන්න ඕනෑ.. මේවා ගැන සොයන්න විධිමත් ක්‍රමයක් හදන්න ඕනෑ... එහෙම නැතුව වත්කම්, බැරකම් පනත පමණක් තිබුණා කියලා වැඩක් නැහැ. රජයේ නිලධාරින්ගේ පමණක් සොයලත් මදි... පළාත් පාලන ආයතනවලත් ඉන් ඉහළ ආයතන වලත් සිටින සියලු දේශපාලකයින්ගේත් අනිවාර්යයෙන් බලන්න ඕනෑ.

:       1       8

Nimesh Friday, 26 May 2023 02:31 PM

වැඩක් නැහැ... ඔක්කොම හංගලා තියෙන්නේ පිටරටවල නම්, ඒකනේ අර ආඩම්බර අප්පච්චි නීතියක් ගෙනාවේ... පිටරටවල වත්කම් හොයන්න/ හෙලිකරන්න බැහැ කියලා...

:       0       3

රනුල්Friday, 26 May 2023 03:10 PM

හීනෙන් ද නිමේශ්?

:       1       1

මහිලාල් Friday, 26 May 2023 03:00 PM

ඕක ඔය තරම් කරදර වෙන්න ඕන දෙයක් නෙමෙයි. තනතුරේ දිව්රුම් දීමට වත්කම් බැරකම් ප්‍රකාශයත් අරගෙන එන්න කියන්න.

:       0       2

ගමේ එකාලා Friday, 26 May 2023 03:10 PM

එක එකාගේ නම් වලින් පිටරටවල හන්ගලා ,,.උගන්ඩාවටත් ඩොලර් මිටි ගණන් යවලා තියෙන්නේ .දූෂිත දේසපාලුවන්ට තියෙන්නේ කපට් කයිරාටික මොලේ.

:       0       3

Gunendra Friday, 26 May 2023 04:20 PM

අපි නීති විරෝධී පල්ලියේ ආදායම බැලීමට කැමතියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site