(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතැයි තමා කොතැනකවත් කියා නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් හමුවේ සඳහන් කර තිබේ.
කොළඹ දී නත්තල් නිවාඩුවට පෙර ඇමතිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
මෙහිදී අමාත්‍යවරයකු ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ " සර්, මේ පාර ජනාධිපතිවරණයට එන්නේ නෑ කියන කතාව ඇතැමුන් කියනවා, මොකක්ද මේකේ ඇත්ත නැත්ත යනුවෙනි.
ඊට පිළිතුරක් දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ " මම තවම එනවා කියලත් නෑ. එන්නේ නෑ කියලත් නෑ. කොහොම වුණත් රටේ ආර්ථිකය ගොඩ ගන්න තව වැඩකටයුතු බොහොම කරන්න තියෙනවා, යනුවෙනි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ යුතුව තිබෙනවා. අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඊට කාලය අවශ්‍යයි. යනුවෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණයට එනවාද? නැද්ද?
Lakmal Tuesday, 26 December 2023 02:17 PM
වරෙන්.. සලකන්න මග බලන් ඉන්නේ ඔක්කෝටම...!
Prabha Tuesday, 26 December 2023 02:47 PM
රස දැනුනනේ... ආයේ ඉතින් බලෙන් එන්න තමයි හිත...
Kumara Tuesday, 26 December 2023 03:30 PM
ආවත් එකයි... නාවත් එකයි...
fairoos Tuesday, 26 December 2023 03:33 PM
ඡන්දයක් තියන්න එපෑයෑ ඉස්සෙල්ලා...!
sisira Tuesday, 26 December 2023 09:17 PM
පැහැදිලි වශයෙන්ම ජනාධිපතිවරණයක් පවත්වන බව කියා ඇත. ජනපතිවරණයට එනවාද? නැද්ද? යන්නද සුදුසු අවස්ථාවේ ප්‍රකාශ කරනු ඇත. මැතිවරණයක් පිළිබඳව අදහස් විමසමින් ජනාධිපතිවරයා වටා කරෙනවාට වඩා සුදුසු වන්නේ පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය නම් තමා විසින් සිදුකළ යුතුවන්නේ මොනවාද? මැතිවරණ කොට්ඨාශයේ තිබෙන ගැටළු මොනවද? ඒ සඳහා විසඳුම් මොනවාද? යන්න සූදානමක් නොමැතිව ජනාධිපතිවරයාගේ මගින් හෝ එතුමා නිසා නැවත පාර්ලිමේන්තුවට පත්වීමේ යුගය අවසන් වෙමින් පවතියි. පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය නම් ගැටළු සඳහා විසඳුම් සහිතව සැලසුමක් තිබිය යුතුවේ...
Perera Tuesday, 26 December 2023 09:38 PM
මේ අයට හොඳින් හරි, නරකින් හරි දිනාගන්න බැරි නම් කිසිදාක ඡන්දයක් තියන්නේ නැහැ. ඊට විරුද්ධ වුණොත් හමුදාව, පොලිසිය දාලා විරෝධතා මර්ධනය කරනු ඇත...
චතුරි Wednesday, 27 December 2023 06:33 AM
හොඳම දේ නෑවිත් ඉන්න එක. බයියත් එක්ක එකතු වෙලා බන්කර දෙක තුනක් හොයලා තියාගන්න. රට දියුණු කරන්නේ කොහොමද? මහා පරිමාණ තක්කඩි හොරු රැළ එලියේ අය දැන් මහ ඡන්දෙටත් ලෑස්ති වෙනවා. අසරණ ජනතාව තක්කඩියන්ගේ ණය ගෙවනවා. සේරටම හොඳ පාඩමක් උගන්නන්නේ මෙදාපාර. රනිල් හිතන් ඉන්නේ... රටේ දේපළ අඩු මුදලට විකුණලා මහ පරිමාණයෙන්... මුදල් පොලියට අරගෙන. රට දියුණු කෙරුවා කියන්න... මොවුන්ගේ අම්මලාත් කනකර උකස් කරලා දේපල විකුණම් කාපු නිසා තමයි, මේ නඩේ රට විකුණම් කන්නේ. ජනතාවගෙන් අවසර ගන්නේ නැහැ. මේ අයගේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේපල වගේ විකුණන්නේ..!
සුපුන් චාමර Wednesday, 27 December 2023 08:15 AM
කොහොමත් එකයි. ආවත් පරාදයි. නාවත් පරාදයි. ඇවිල්ලා දිනුවොත් රටේ ඉතිරි ටිකත් ඉවරයි...
S,p,bandara Wednesday, 27 December 2023 09:48 AM
නියත පරාජය. මුලු රටෙන්ම ඡන්ද ලක්ෂ 4යි. අනුර දිනනවා. ඒක වළක්වන්න බෑ. අපිත් හොඳ unp තමයි ඉස්සර...!
Sunil Wednesday, 27 December 2023 10:29 AM
තිබ්බ දේවල් සියලුම දේ විකුණයි. මෙයාගෙන් ගත්තොත් පමණයි.. ඉන්දියානු ගොට්ටෙක්...!