IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජනපතිට ඕනෑම වේලාවක ඉවත් කරන්න පුළුවන්

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් මෙම සිද්ධිය නොමැති වුවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් අමාත්‍යවරයා කීය.

යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම එතුමාගේ මතය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කළේය.

තමන් ඇතුළු අමාත්‍යවරු තිදෙනා වැරැද්දක් නොකිරීම හේතුවෙන් ඉල්ලා අස්වුවහොත් වැරැද්දක් කළ බවට පිළිගැනීමක් බවට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා තමන් කළේ හරි දේ යැයි ස්ථාවරය අදටත් දරණ බවත්ය.

ඵිවිතුරු හෙළඋරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ කළ විශේෂ විමසුමකදී අද එසේ පැවසීය.

‘යුගදනවි’ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු අධිකරණයේ නඩු පැවරීම වැරදි වැඩක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) පවසා තිබුණි.

 



අදහස් (24)

ජනපතිට ඕනෑම වේලාවක ඉවත් කරන්න පුළුවන්

siri Tuesday, 28 December 2021 06:52 PM

මේ සේරම බොරු කාරයෝ. නම්බුකාර කමක් තියෙනවා නම් කයිවාරු ගහන්නේ නැතුව ඉල්ලලා අස්වෙන්නයි තියෙන්නේ. රාජපක්ෂ නාමය නැතුව ඡන්ද 10ක් වත් ගන්න බැරි එකේ එහෙම කරන්නේ කොහොමද?

:       12       89

sisilTuesday, 28 December 2021 09:02 PM

මේ ඔක්කොම යාලුවෝ මල්ලි, මොවුන් ඔක්කොම එකතුවෙලා අපිව රවටනවා.. අපි හැමෝම ඔවුන්ට රැවටෙනවා. මේකට විසඳුමක් ඇත්තේම නැද්ද මල්ලි...?

:       1       26

ගලපරWednesday, 29 December 2021 11:23 AM

මේකට ඕගොල්ලන්ට විසඳුම ඊළඟ ඡන්දයේදී ජවිපයට ඡන්දෙ දෙන්න.

:       7       20

senaWednesday, 29 December 2021 12:52 PM

මෙතන තියන දෙයක් නෙවෙයි තියෙන්නේ.. මට හිතෙන විදිහට මෙයාලා කරන්න යන්නේ දුර්වල නඩුවක් දාලා මෙයාලගේ නඩුව මෙයාලාම පරද්දනවා. එතකොට නිකන්ම ඇමෙරිකාවට ඕන දේ කෙරිලා... විරුද්ධ පක්ෂයට නඩුදාන්නත් බැහැ. කොහොමද ටිකිරි මොලේ...?

:       0       46

අගුපිලගේ Wednesday, 29 December 2021 05:59 PM

මේ තිදෙනාගෙන් දෙදෙනෙක් නීතිවේදීන් ඇත්තටම කරන්න හදන්නෙ විපක්ෂයේ පෙත්සම් නිශ්ප්‍රභා කිරීමේ උපක්‍රමයක් කියලා ඉතාම පැහැදිලියි මේ කරන්නෙ ආණ්ඩුවේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමක් නොවෙයි නම් මේ වනවිටත් තිදෙනාම ඇමති තනතුරු වලින් ඉවත් කරලා අවසන් ඇයි නීතිපතිවරයා කියලා තිබුනෙ පෙත්සම් නිෂ්ප්‍රභා කරන්න කියලා .මොවුන් කරන්නෙ බොරුවක් නොවෙයි නම් ලැජ්ජාවක් ඇත්නම් ඇමති තනතුරු දරන්නේ නැහැ

:       0       8

fairoos Tuesday, 28 December 2021 07:03 PM

අලුත් නාඩගමක් වගේ... ඉල්ලා අස්වෙන්න බැරිද? අස්කරන්න ඕනෙද?

:       7       68

ජගත් ලියනගේ Tuesday, 28 December 2021 07:08 PM

තවත් නාටකයක් එසේ ආරම්භ වූ වගයි.

:       5       64

Paata lee Tuesday, 28 December 2021 07:21 PM

නරකද මචං පුංචි බණ්ඩා වගේ ආදර්ශයක් දුන්නා නම්...!

:       5       56

de silva Tuesday, 28 December 2021 08:29 PM

මේකත් අර ආදාහනයද, භූමදානයද නාටකය වගේ එකක්...!

:       0       9

Kumara Tuesday, 28 December 2021 09:13 PM

මිනිසුන්ගේ ඉවසීම බාල්දු කරන්න එපා බයියෝ

:       2       13

ගමේ එකාලා Wednesday, 29 December 2021 03:47 AM

සාටකේ එල්ලිලා ආවේත් ගොඩයන්න පුළුවන් බව දැනදැනනේ.. සුලු පක්ෂයකින් ආවා නම් යනඑනමන් වත් නැතුව යන බව දන්නවා....

:       17       9

ranjith Wednesday, 29 December 2021 05:38 AM

මේ ඔක්කොම ඉවත් වුණොත් රටට යහපතක් වේවියි මෙතෙක් කල් මේ අයගේ පවුල්වලට විතරයිනේ යහපතක් වුණේ...

:       0       9

දාස Wednesday, 29 December 2021 05:39 AM

මේ අයට යන්න තැනක් නෑ.. පල් බොරු, තුට්ටුදෙකේ හේතු පෙන්නනවා ඇමතිකමේ ඉඳගෙන සැප ගන්න. බොරු නාඩගමක් නැටුවා අපි ජනතාව සමගයි කියලා පෙන්නන්න. මේ අය මේ නටන්නේ කථාවෙලා...

:       0       9

චන්දිම ෆොන්සේකා Wednesday, 29 December 2021 07:06 AM

මේ ඇහුණාද? ඉවත් වෙන්න නෙමෙයි මකබෑවිලා ගියත් අපිට කමක් නැහැ. හැබැයි යන්න කළින් තිරිකුණාමලේ තියෙන අපේ තෙල්ටැංකි 100 ඉන්දියාවට දෙන්න හදන ගිවිසුම අකුරක් නෑර අපිට හොඳට කියවලා බලන්න ඕනෑ. ඒ නිසා එ්ක හොඳට ප්‍රසිද්ධ කරලා යන දිල්ලියක යනවා නම් හොඳයි. මොකද මේ කාලේ ඉන්න දේශපාලුවන් ගහන ගහන හැම හොර ගිවිසුමකින්ම සියලු වාසිය අනිත් පැත්තට යන විදියටයි ඔවුන්ට කොමිස් ලැබෙන විදියටයි කරන්නේ...

:       1       10

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 29 December 2021 07:25 AM

ලැජ්ජාවක් නැති හැටි ... ලැජ්ජා නහරේ කපලා වගෙයි පේන්නේ. කැබිනට් මණ්ඩලයේ ඉඳන් ඊට පිටින්යාම වැරදියි. ඒක නොකියා සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් අඟේ ඉඳන් කන කකා ඉන්නේ නැතිව ආණ්ඩුවෙන් එළියට ඇවිත් කෙළින්ම රජයට එරෙහිව කටයුතු කරන්න පුළුවන් නම්... ඔට්ටුයි බැහැ.

:       0       10

Hafeel Wednesday, 29 December 2021 08:12 AM

මගේ මතය නම්, ඔවුන් ඉල්ලා අස්විය යුතු නැහැ. මොකද්ද මේ ආණ්ඩුව ඔවුනුත් එකතු වෙලා පත්කරපු ආණ්ඩුව. යුගදනවි සිද්ධියක නිසා පමණයි ඔවුන් අස්විය යුතු නැහැ. හැබැයි පොදුවෙන් මේ ගම්මන්පිල ඇතුළු ජනාධිපති සහ මුළු ආණ්ඩුවම අසාර්ථකයි...

:       0       11

sharm warn Wednesday, 29 December 2021 09:02 AM

දාලා යන්නේ කොහොමද... ලොකු කතා කිව්වට..? බල්ලා මාක් එකේ හිටියත් හම්බ වෙන පැකේජ් එක අතෑරලා එහෙමත් යන්න පුළුවන්ද? ඊට පස්සේ මේ අපි වගේ ගෑස් පෝලිමේ, කිරිපිටි පෝලිමේ... එළවළු කඩේ චාටර් වෙන්නද කියන්නේ..?

:       1       9

bandara Wednesday, 29 December 2021 09:29 AM

ඒකනේ ජනාධිපතිතුමා තැන් තැන්වල ටෝක් දිදී ඉන්නේ නැතිව එකපාර අයින් කරලා දැම්මා නම් ඉවරයිනේ. මාධ්‍ය සංදර්ශන විතරයි ඔක්කොම දාන්නේ... කොහොමත් මේ ජනාධිපති මාධ්‍ය සංදර්ශන දාලා ජනාධිපති වෙච්චි කෙනෙක්නේ..

:       0       10

Perera Wednesday, 29 December 2021 09:33 AM

මුන්ට ආණ්ඩුව දාලා යන්නත් බැහැ ,මුන්ව ආණ්ඩුවෙන් එලවන්නත් පුළුවන්කමක් නැහැ

:       0       11

Sumana Wednesday, 29 December 2021 10:00 AM

මෙයාට පෙන්නන්ඩ ඕන මෙයා ලොකු වීරකමක් කරනවා කියලා. ලොකු අවදානමක් අරගෙන රට ජාතිය වෙනුවෙන් කරන වැඩක් කියලා. ඒක එහෙම නොවෙන හින්දමයි මෙයා ලොකු උත්සහයක් ගන්නේ ඒක මිනිස්සුන්ට පැහැදිලි කරන්ඩ. මේ රගපෑම් මිනිස්සුන්ට නොතේරෙනවා කියල හිතන එකෙන්ම පේනවා මිනිස්සු මෝඩයෝ ගානට දාලා ඉන්න විත්තිය.

:       1       19

AN Ishan Wednesday, 29 December 2021 10:12 AM

ජාතියේ පවට උපන් මැදමුලනේ බලු කුක්කා

:       1       21

somarathna Wednesday, 29 December 2021 10:52 AM

එයා අස් කරන්නෙත් නෑ. මෙයා අස්වෙන්නෙත් නෑ. මෙයාලා කබිනට් එකේ ඉඳන් අත උස්සලා එළියට අැවිල්ලා නඩුදානවා. මෙයා නඩුදාපු එක වැරැදියි කියලා කිව්වට අස් කරන්න එයාට හිතක් නෑලු. මෙයා වැරැදියි නම් මෙයාව අස් කරන්නලු. එ්ත් අස්වෙලා යන්න හිතක් නෑ. මොකද මෙයා වැරැදි නෑලු... මොවුන්ගේ නරි නාටක. හරි නම් මේ ඔක්කොම අස්වෙලා යන්න ඕනෑ...

:       0       16

Shan Wednesday, 29 December 2021 01:33 PM

කවුරු වුණත් මේ කියන එකේ ඇත්තක් තියෙනවා. ගෝඨාභයට ඇද ඇද ඉන්නේ නැතිව අස්කරලා දාන එකනේ තියෙන්නේ...

:       0       2

mohomed agarapatana Wednesday, 29 December 2021 02:22 PM

ජනාධිපතිට විතරක් නෙවෙයි, ඡන්දයක් ආවාම ජනතාවටත් පුළුවන් ඔහෙලව කණෙන් අල්ලලා එළවන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 111 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 667 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4065 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2022 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 961 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1148 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 916 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1414 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 365 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site