
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 77 වන ජාතික නිදහස් උළෙල සඳහා නිදහස් චතුරස්රයට පැමිණියේ පොලිස් යතුරුපැදි තුනක් පමණක් පෙරටු කරගෙනය.
ආශ්වා රෝහක රථ හෝ වෙනත් පරිවාර රථ කිසිවක් නොතිබිණි.
අග්‍රාමාත්‍යවරිය ඇතුළු සෙසු ආරාධිතයන් පැමිණීමේ දී ද ඉදිරිපසින් පැමිණියේ එක් පොලිස් යතුරුපැදියක් පමණි.
ජනපති ඇතුළු නායකයන් පැමිණීමේදී ඔවුන්ගේ බිරියන්,සැමියන් පැමිණීම මීට පෙර නිදහස් උළෙල වලදී දැකගත හැකි වූ නමුත් මෙවර එවැනි දෙයක් සිදු නොවීය.
ඡායා ළහිරු හර්ෂණ
COMMENTS
දැන් ඔයාලා කතා කරන්න
මෙවැනි නායකයින් බිහිවීම රටට වාසනාවක්
මාලිමාවට ජයවේවා.
ජනාධිපති මෝටර් බයික් එකෙන් ආවත් අපට මොකද? මේ ගොන් චූන් වලින් සමාජයේ දැනෙන ප්‍රශ්න විසඳන්නේ නැත්තේ. යකෝ මිනිස්සු තුන්වේල කන්නේ නැහැ දැන්, ලෙවකනවා. වරෙල්ලා පුළුවන්නම් ගෙයින් ගෙට මිනිසුන්ගේ නියම තත්වය ඇස් පණාපිට බලාගන්න පුළුවන් වෙයි.
දැන් ඔයාලා කවි, ගී, සිංදු, රචනා ලියන්න.
මෙහෙම යනකොට අන්තිමේදී ජනාධිපතිගේ තනියට, තුන පමණයි ඉතිරිවෙන්නේ !
ජනාධිපතිටයි , අගමැතිනියටයි තමන්ගේ සහකාරිය ගෙන්න බැරිතරමට නිදහස් උත්සවය හරි චාම් ! හරි සරලයි !
ඉතාම හොද වැඩක් ජනතාව පීඩාවට පත් වෙලා තියන වේලාවක මේකත් ඉතුරුකිරිමක්
පයින් ආවත් අපට එකෙන් සත බාගෙක වැඩක් නැහැ, අපි අවුරුදු ගානක් සල්ලි එකතුකරගෙන හිටියා අඩුම ගානේ පොඩි කාර් කට්ටක් ගන්න කියල, මුන් එකටත් වල කැපුවා, කාලකන්නි. අපි පිනට ඉල්ලුවේ නැහැ, සල්ලි දීලා ගන්න ආසාවෙන් බලා හිටියේ, රනිල් හිටියා නම් ඔය කිසි දෙයක් නැහැ. අපරාදේ කරපු ගොන්කම්,
අපේ රටේ සමහරක්ට නිකන් ඉදන් කන්න බොන්න දෙන්න කවුරුත් නැහැ.. වැඩකරන්න උත්සාහ කරන්න ඕන රස්සාවල් ඕන තරම් තියෙනවා.
රටම බලන් ඉන්න මොහොතක්, රටටම පැහැදිලිව පේන තැනක්, මුළු රටේම වැඩියෙන්ම ආරක්ෂිත ස්ථානය. ෂෝ එකක් දාන්න හොඳම වෙලාව.
ඕවා විතරක් කොරලා මදි. මේ රට දියුණු කරන්නනම් රටේ නිකං ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද. ජොබ් නැති තරුණ පිරිස් කොච්චර ඉන්නවද. වැරදි දේවල් කරලා මුදල් උපයන්න ඒ අය පෙළෙම්බෙනවා. ඒ අය එක් කරලා රටට, තමන්ට යහපතක් වෙන දේකට යොමු කරන්න පුළුවන්. ලොකු පොල්වතු තියෙනවා ඒවගේ අමතර බෝග වගාකරන්න පුළුවන්. ප්‍රදේශයට ගැලපෙන කර්මාන්ත පොඩිවට හෝ පටන්ගන්න පුළුවන්....