(නිමල කොඩිතුවක්කු)
අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.
වර්ජනය දින දුම්රිය, බස් ධාවනය, බැංකු විවෘත කර තැබීම ආදී සියලු දෑ සම්බන්ධයෙන් පුවත් පළකළ ජනාධිපති මාධ්‍ය අංශයට රටේ ජනතාව පත්ව ඇති අසරණභවය නොපෙනී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
ඩොලරය පහළ බසිද්දී පුවත් පළ කරන ජනාධිපති මාධ්‍ය අංශය ඩොළරය ඉහළ යාමේදී පුවත් පළ නොකළ බවත් පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය.
රටේ මතුව ඇත්තේ ප්‍රචාරණය පිළිබඳ යුද්ධයක් නොවන බැවින් ජනතාවගේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මරික්කාර් මහතා කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනාධිපති මාධ්‍ය අංශය අසාර්ථක උත්සාහයක
sam Friday, 17 March 2023 11:17 AM
මේ වර්ජනය සාර්ථක බව පෙන්නන්න ඔබතුමාත් අසාර්ථක උත්සාහයක නිරත වන බව නම් හොඳටම පේනවා.