IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’ජනතා දුක නොදන්නා අය මැතිවරණයේදී අතු ගා දැමිය යුතුයි’

(අංජුල මහික වීරරත්න)

ජනතාව ජීවත් කරවීම  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවෙි යැයිද ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සුදානම් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී අද (24)  පැවසීය.

තම යුතුකම තිබෙන්නේ ජනාධිපති ලෙස ජනතාවට ආහාර ලබාදී ඔවුන්  දුකින් මුදවා ගැනීම බව කී ජනාධිපතිවරයා  ජනපති ලෙස තමාට ඒ වගකීමක් තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ මඩකලපුව" පුළුවන් ශ්‍රී ලංකා" ජනපතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනි.

ලොව වෙනත් කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත් බවින් මිදී නැතැයි කී ජනාධිපතිවරයා රංජිත් මද්දුම බණ්ඩාර, හරිනි  අමරසූරිය වැනි අයට අවශ්‍ය වූයේ මේ යන ක්‍රමය නතර කරන්නට බව කී ජනාධිපතිවරයා මැතිවරණයේදී එවැනි අය අතුගා දැමිය යුතු බව සඳහන් කළේය.

තමාගේ එකම අරමුණ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරගන්න නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ වේදිකාවේ මගේ ගුරුවරයෙක් ඉන්නවා. රාජකීය විද්‍යාලයේ දී  12 -13 වසර වල ඉගැන්වූ ශිවලිංගම් මැතිතුමා මෙහි සිටිනවා.1961 කාලේ ඔහු මට ඉගැන්නුවා. මට පමණක් නොව දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් එතුමා ඉගැන්නුවා.ඉතින් රට ගොඩ ගැනීමේ ගෞරවයෙන් කොටසක් එතුමාටත් දිය යුතුයි.අනුර බණ්ඩාරනායක කථානායකතුමාටත්, මලික් සමරවික්‍රමටත් ඔහු ඉගැන්නුවා . මුළු කැබිනට් එකටම  වගේ එතුමා ඉගැන්නුවා.

ඇතැන්ස් අධිරාජ්‍යයාගේ ඉතිහාස කතාව පිළිබඳව එකල රාජකීය විද්‍යාලයේදී අපට ඉගැන්නුවා. යම්කිසි බියගුළු ක්‍රියාවකින් හෝ අප සමග දුක් විඳින අනෙක් අය අතහැර දමා පැන ගොස් අපේ නගරයට අවමානයක් ගෙනත් නොදෙන බව එම  ඉතිහාස කතාවේ කියවෙනවා. 

2022 දී වෙන කවුරුවත් නොමැති වූ විට මා අභියෝගය භාර ගත්තේ ඒ පුහුණුවීම තිබූ නිසයි. ඒ ඔබගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නයි. ඔබට සහන ලබා දෙන්නයි. තරුණ පරපුරට අනාගතයක් ලබා දෙන්නයි.

රටේ ස්ථාවර භාවය ලබා ගැනීමටයි.එමෙන්ම රට නිවැරදි මාවතට යැවීම සඳහායි.අප පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් කියන්නේ ඒකයි.මම අමාරු කාලයේ අභියෝගය භාර ගත්තා. විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නෑ. ඒ නිසා අත්දැකීම් නැතිව  ඔහු පැනලා ගියා.හරි නම් විකල්ප අගමැති විය යුත්තේ විපක්ෂ නායකයි.ඔහුට ජනතාව රකින්න යුතුකමක් තිබෙනවා. ජනතාව දුක් විඳින විට ඔහු කළේ දුව ගොස් හැංඟීමයි.

ඔහු පෝලිම් ගැන ජනතාවගේ  බඩගින්න ගැන හිතුවේ නැහැ. ජනතාව දුක් විඳින විට ඔහු පැනලා ගියා. ඔහු දුව ගොස් අවසන් කලේ පැරිස්  ඔලිම්පික්  එකෙන්. මගේ මිත්‍ර අනුර කුමාරත් හොයාගන්න බැරි වුණා. මේ ඇමතිවරු මා සමඟ හිටියා.අප මූල්‍ය අරමුදලට ගියා.

දුෂ්කර තීන්දු ගන්න වුණා.ඒවා පහසු තීරණ නොවේ. අපට දේශීය ණය ගැනීම සීමා වුණා. මුදල් අච්චු ගහන්න බෑ.වියදම් සඳහා ආදායම් හොයන්න වැට් වැඩි කරන්න සිදුවුණා. ආදායම් සීමා කළා. මේවා ලේසි පහසු තීරණ නොවේ. අවසානයේ ජනතාවත් ඒ බර බාර ගත්තා. මා ඔබ සැමට ස්තුති කරනවා.



අදහස් (11)

’ජනතා දුක නොදන්නා අය මැතිවරණයේදී අතු ගා දැමිය යුතුයි’

පිටරැටියා Saturday, 24 August 2024 08:08 PM

තමුන් කියලා ඒ හැටි වෙනසක් නැහැ. මහබැන්කු මන්කොල්ල කනකොට ඔය ගැන හිතන්න තිබුණා. බොරු බේගල් ගහලා ජනතාව අන්දවන එක දේශපාලුවන්ට අමුතු දෙයක් නෙවෙයි.

:       111       35

sunimalSunday, 25 August 2024 07:28 AM

පිටරටියා ,ඉරිසියාවයි කුහක කමයි දේශපාලන අන්ධබවයි... නිසා බැඳුම්කරේ,.. බැඳුම්කරේ කිව්වාට අඩුම තරමින් බැඳුම්කරයක් කියන්නේ මොකක්ද කියලා කියන්නවත් ගොඩක් අය දන්නේ නැහැ. පුලුවන් නම් ඔය දාගෙන ඉන්න රතුපාට කන්නාඩිය ගලවලා තමන්ගේ මොලෙන් ඔය කාරණය විග්‍රහ කරලා බැලුවොත් පෙනේවි තමන් කොච්චර රැවටිලාද කියලා. අනික ඔහෙලා මොන බයිලා ගැහුවත් මෙවර රනිල් මහතා දිනනවා ඒකාන්තයි...

:       3       108

BandaSunday, 25 August 2024 10:27 AM

ඉතින්, ඇයි ඒ වෙලාවේ අරන් කළේ නැත්තේ? බයිලා ගහන්න එපා දැන්...! කන්න වෙන්නේ පස්...!

:       1       56

ජයනාත් Saturday, 24 August 2024 08:44 PM

මෙයා මේ කරන්නේ අධිකරණයට අපහාසයක්... හෑල්ලුවට ලක් කිරීමක්...

:       91       34

අශෝක Saturday, 24 August 2024 09:30 PM

අනිවාර්යයෙන්ම...! මුලින්ම එළවන්න ඕනේ මෙවැනි විශාල ආර්ථික අර්බුද කාලේ ජනතාව පිටට තවත් විශාල බදුපිට බදු ගහලා අමාරුවේ දාපු මනුස්සයාව...

:       91       34

gunasiriSunday, 25 August 2024 07:34 AM

අශෝක උන්නැහේ ඉක්මනින් නැගිටින්න මොකද ඔයා වාඩිවෙලා ඉන්නේ මොලේ උඩ. බදු ගහන්නේ නැතිව කොහොමද උන්නැහේ රටක් දුවන්නේ? දැන් ඔහේ බලාගෙන ඉන්නේ බදු අය නොකරන ආණ්ඩුවක් එනකන්ද? මතක්කරලා බලමුද ඔහේ පොඩිකාලේ ඉඳලා කීදවසක් බස් එකේ හරි කෝච්චියේ හරි හොරෙන් ගිහින් තියෙනවාද කියලා? ඒ වගේම ඔහේ රජයේ සේවකයෙක් නම් කී දවසක් ඔෆිස් එකෙන් හොරෙන් පැනලා තියෙනවාද එහෙම නැතිනම් අඩුම ගණනේ පෑනක් වත් හොරෙන් ගෙනත් නැතිද කියලා. එහෙව් රටක රටවැසියෝ අනුන්ට හොරා කියන්න කලින් තමන්ද හොරෙක් බව තේරුම්ගත්තොත් හොඳයි.

:       1       78

Nishan Sunday, 25 August 2024 04:43 AM

සම්පූර්ණ ඇත්ත. ඔබතුමා රට මේ තත්වයට ගොඩ නොගන්න අද අනිත් ජනාධිපති අපේක්ෂකයෝ හොයන්නත් නෑ...!

:       2       71

ranjith Sunday, 25 August 2024 05:11 AM

ඒක නම් ඇත්ත. මේ වගේ පාලකයෝ නම් රටට වැඩක් නැහැ. කොහොමත් ඡන්දෙන් අතුගෑවිලා යන එක වෙනවාමයි. තරුණ රටට ආදරේ කරන නායකයෙක් අවශ්‍ය කාලේ ඇවිත්...

:       68       4

තරස්ත මාෂල් Sunday, 25 August 2024 08:10 AM

දැන් බලද්දී ජනතාවගේ දුක දන්නේ, හොර සල්ලි අච්චු ගහලා, නිධන් හාරලා, බෙදුම් වාදී යුද්ධයක් තියෙද්දී එය කඩාකප්පල් කරන්න දකුණේ යුද්ධයක් පටන් අරගෙන රටින් 50/50 බෙදාගන්න කටයුතු කරපු කට්ටිය, එහෙමත් නැතිනම් අවුරුදු 30, 40 කිසිම රටට සේවයක් නොකරපු කට්ටිය...

:       1       60

Vithana Sunday, 25 August 2024 04:05 PM

අපි සපථ කරලා කියනවා. අපි ජීවත්ව ඉන්න තුරාවට මේ රට විනාශ කරපු, ගිනි තියපු, අහිංසක සංඝයා වහන්සේලා, දෙමවුපියෝ බුරුතු පිටින් මරපු කිසිම ත්‍රස්තවාදී පක්ෂයකට ආණ්ඩු පිහිටුවන්න දෙන්නේ නෑ... මොන නමින් ආවත්...

:       0       37

ගමේ එකාලා Sunday, 25 August 2024 05:35 PM

අවුරුදු 47ක් දේශපාලනයේ විවිධ තනතුරු දරපු රනිල් ගැන සුනිමල් කියන පුද්ගලයාට නොතේරුණාට, බුද්ධිමත් හරිහමන් මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි වෙන එකක් නැහැ.

:       36       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site