IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


‘‘ජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීමයි‘‘

(යොහාන් භාසුර)

පුළුල් රාජ්‍ය සේවය ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම මැදිහත් වීම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමති පුද්ගලයන් වීම නිසා අධීක්ෂණය, උපදෙස්දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබාගැනීම අවශ්‍යව ඇති බව කී ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු සියලුම ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වයදීමේ අවශ්‍යතාව ඇති බව ද සඳහන් කළේය.

පෞද්ගලිකව ගොස් රාජ්‍ය ආයතනවලට තමන් අධීක්ෂණය කරන ආකාරයට ආණ්ඩුකාරවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද ඔවුන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලු සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනතාව ජීවත් කරවීම සඳහා පරිසරය සැකසීමේ නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා කීය.

සේවා ඉටු කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බව ජනාධිපතිතුමා විසින් අවධාරණය කෙරිණ.

හරිත කෘෂිකර්මාන්තය රජයේ ප්‍රධාන වැඩපිළිවෙළකි. 75%කට වඩා වූ ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ්‍රිත ජීවිකාවක නිරත වෙති.  කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙනි. ඒ බව ඔවුන් දැනුවත් හා දිරිමත් කර, විශ්වාසය ගොඩනැගිය යුතුය. නිසි වේලාවට ප්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වැඩිවන විදුලි අවශ්‍යතාව සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කරගනිමින් කෙටි හා දිගුකාලීන රජයේ ඉලක්ක සපුරා ගැනීමට සහාය වන ලෙස පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙළක් මගින් කළමනාකරණය කළයුතු බවත්ය.

රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට අද (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති  විශේෂ හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

එහිදී ආණ්ඩුකාරවරු පැවසුවේ කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබඳ සතුට විය හැකි බවත් විධිමත් අයුරින් ගොවීන් දැනුවත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකි බවත්ය.

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මහ කන්නයෙන් ඉගෙන ගත් පාඩම් අධ්‍යයනය කර යළ කන්නය සාර්ථක කරගැනීමට ගෙන ඇති ඉදිරි  සැලසුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පන්දුවා දුන් අතර  දිස්ත්‍රික් 25 ට ආවේණිකව යෙදිය යුතු පොහොර හඳුනාගනිමින් ගොවීන් දැනුවත් කිරීම මේ වන විට අරඹා ඇතැයි සඳහන් කළේය.

සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි පස පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිඳු හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තොරතුරු ලබාගැනීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ද කීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

‘‘ජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීමයි‘‘

Roshan Wednesday, 23 February 2022 08:05 PM

අනේ කියවන්නයි බයිලා ගහන්නයි විතරයි දන්නේ. හිටං මීට හොඳයි.

:       4       65

බද්රානි Wednesday, 23 February 2022 08:31 PM

ජනතාවක් ලෙස අප අද මෙතරම්ම සතුටින් ජීවත් වෙන්නේ ඔබතුමාලා මේ කරන කැපවීම නිසා නොවේද? අනික අර චීන කාබනික පොහොර යොදාගෙන කළ වගාව නිසා දැන් අපි කන කෑම වලින් වකුගඩු නරක් වෙන්නෙත් නැහැ. වකුගඩු දෙකම ෂෝක් එකට වැඩ කරනවා. ඒවගේම අපේ වැදගත් මහත්තුරු නඩුවලින් නිදොස්කොට නිදහස් වුණා. අනේ වඳින්නම් රජතුමනි, මීට වඩා අප ගැන වෙහෙස මහන්සි වෙන්න එපා. මෙච්චර හොඳට කරලා තියෙද්දී ආයේ අමුතුවෙන් කියලා මොනවා කරන්නද?

:       0       6

Duluan Wednesday, 23 February 2022 08:37 PM

අපි අවුරුදු දෙකක් තේ ගස්වලට පෝර දුන්නා. අපිට හැමදාම පෝර දාන්න පුළුවනැයි. ගස් දැනගන්න ඕන නිකන් දළු දෙන්න දැන්.. මේක කළ කරුමයක්නේ.. හැමදාම පෝර දාන්න පුළුවනැයි..!

:       3       59

Raveendra Thursday, 24 February 2022 05:55 AM

ජනතා අපේක්ෂා කෙසේ වෙතත් රජයේ සේවකයන් තමන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමෙහිලා අති දක්ෂයෝය.... එමෙන්ම වැඩ නොකර සිටීමට දහසක් හේතු කියන්නෝය. උපන්දා සිට සිනාසීමට අවශ්‍ය ශරීර උපාංග නොමැත්තෝය.තම අයිතිවාසිකම් පිලිබදව පමණක් හිතන්නෝය.. එවන් ධින සේවකයන් සිටින ආයතවලින් කෙසේ මහජන සේවයක් බලාපොරොත්තු වන්නේද ?

:       0       0

Shan Thursday, 24 February 2022 11:44 AM

තව මොන්ටිසෝරි රැස්වීමක් වගේ. අපේ සල්ලා කාබාසිනියා කරන එකයි කරන්නේ...

:       0       0

fairoos Thursday, 24 February 2022 12:33 PM

රට කන විරුවා... මිස්ටර් බීන් දෙවැනි කොටස...!

:       0       0

NM Saturday, 26 February 2022 08:01 PM

ජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීම බව සත්‍ය වුවත් එය එසේ සිදුවන්නේ නැත. පාසල් හැර යන්නවුන් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පිටවන පිරිසට රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක සේවය කරනු ලබන්නේ කෙසේද කියා පුද්ගලික ආයතන සහ රජයේ ආයතන මගින් වැඩමුළු පවත්වා ඔවුන්ව බුද්ධිමය වශයෙන් දැනුවත් කලයුතුවේ. රට තුළ වෙනස් කළයුතු සහ හඳුන්වා දියයුතු බොහෝ අදහස් ඇතත් එවැනි කටයුතු වර්තමාන රජයට කළ නොහැකිනම් ඉදිරියේදී හෝ කළ යුතුවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 367 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 608 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 402 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 699 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1325 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 627 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1303 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site